“Ne Zha 2” ලොව වැඩිම ආදායමක් ඉපැයූ සජීවීකරණ චිත්‍රපටය ලෙස ඓතිහාසික වාර්තාවක් තබයි

Published on

ලොව පුරා මේවන විට ඉහළ ජනප්‍රියත්වක් ලබා සිටින චීනයේ “Ne Zha 2” නම් සජීවීකරණ චිත්‍රපටය වාර්තා රැසක් තබමින් තිරගත වනවා.

මෙම චිත්‍රපටය මේවන විට ඩිස්නි සමාගමේ “Inside Out 2” චිත්‍රපටය ද අභිබවා ලොව වැඩිම ආදායමක් උපයාගත් සජීවීකරණ චිත්‍රපටය බවට පත් ව තිබෙන බවයි කියන්නේ.

ප්‍රවේශ පත්‍ර වේදිකාවක් වන Maoyan හි දත්ත අනුව පසුගිය 18 දින සවස වන විට මෙම චීන චිත්‍රපටයේ ගෝලීය ඉපැයුම්, පූර්ව අලෙවිය ද ඇතුළුව යුවාන් බිලියන 12.319 (ඇ.ඩො බිලියන 1.72 ) ක් පමණ ඉක්මවා ගොස් ඇති බව සඳහන්.

ජනවාරි මස 29 වැනිදා උදාවූ චීන අලුත් අවුරුදු දින තිරගත වීම ආරම්භ වී දින 20කට පසුව සහ ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තා අතර ඉහළම 10 දෙනා අතරට එක්ව දිනකට පසුව “Ne Zha 2” සිනමා පටය මෙම සන්ධිස්ථානයට පැමිණීම විශේෂත්වයකි.

චීනය තුළ, තනි වෙළඳපොළකින් ඇ.ඩො බිලියන 1ක් උපායගත් පළමු අවස්ථාව සහ ඩොලර් බිලියනක ආදායමක් ඉපැයූ පළමු හොලිවුඩ් නොවන සිනමා පටය මෙය වීමද ඓතිහාසික ජයග්‍රහණයක් ලෙසයි චීන වාර්තා පවසන්නේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this