සිය පුතාට ජනාධිපති සමාව දුන්,ජෝ බයිඩන්

Published on

ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, සිය පුතු හන්ටර් බයිඩන්ට ජනපති සමාව ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගිනි අවි භාවිතා කිරීම සහ බදු පැහැර හැරීම සම්බන්ධයෙනුයි හන්ටර් වරදකරු වී සිටියේ.

බයිඩන්, සිය බලතල භාවිතයට ගනිමින්, පුතු බයිඩන්ට සමාව දීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි ප්‍රතිවාදී රිපබ්ලිකන්වරු චෝදනා නගනවා.

නමුත් මීට පෙර ඔහු පවසා තිබුණේ ඔහු සිය පුත්‍රයාට ජනාධිපති සමාව ලබා නොදෙන බවයි.

අමෙරිකානු යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් තමා විශ්වාස කළ ද සිය පුත්‍රයාට එරෙහි නඩු විභාගය දේශපාලන බලපෑම්වලින් පිරී තිබුණු බවයි ඊයේ (01) සවස ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ.

හන්ටර් බයිඩන් අමෙරිකන් නීතීඥවරයකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වන අතර කලක් ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි බව සඳහන්.

එම කාලයේ ඒ බව වසං කරමින්, හන්ටර් බයිඩන් ගිනි අවියක් මිලදී ගෙන එය ළඟ ගෙන සිට ඇති අතර මෙය බරපතල වරදකි.

මේ සම්බන්ධයෙන් හන්ටර් බයිඩන් අධිකරණය හමුවේ වරදකරු වුණා.

බදු වංචා සිද්ධියක් සම්බන්ධයෙන් ද හන්ටර් බයිඩන්ට චෝදනා එල්ල වී තිබුණු අතර, ඔහු එම චෝදනා සම්බන්ධයෙන් ද වරදකරු වූයේ ඊට අමතරවයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this