ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (19) පාකිස්ථානයේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.
පාකිස්ථානය අයි.සී.සී. තරග ඉසව්වක් පවත්වනු ලබන්නේ 1996 එක්දින ලෝක කුසලානයෙන් පසුව වීම විශේෂත්වයක්.
ශූරයන්ගේ කුසලානය සඳහා කණ්ඩායම් 8 ක් එක්වන අතර සත්කාරක පාකිස්ථානය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, අෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය ඊට ඇතුළත්වනවා.
ඉන්දියාවේ පැවති 2023 එක්දින ලෝක කුසලානයේදී පළමු ස්ථාන 8 අතර සිටි කණ්ඩායම් මේ සඳහා සුදුසුකම් ලබාගත් බවයි පැවසෙන්නේ.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙවර ශූරයින්ගේ කුසලාන තරගාවලිය අහිමි වුණා.
තරගාවලිය ආරම්භ කරමින් අද පස්වරු 2.30 ට සත්කාරක පාකිස්ථානය සහ නවසීලන්තය කරච්චිහිදී තරඟ වැදීමට නියමිතයි.
ඉන්දු-පාකිස්ථාන අර්බුදය හේතුවෙන් මෙම තරගාවලියේ ඉන්දීය කණ්ඩායම එක්වන සියලු තරග ඩුබායිහිදී පැවැත්වීමට තීරණය වුණා.
ඒ අනුව ලොවක් බලා සිට්න තරගාවලියේ උද්වේගකරම තරගය වන ඉන්දු – පාකිස්ථානු තරගය ලබන ඉරිදා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.