කාන්තා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් තරඟ චමරිට අහිමි වෙයි

Published on

ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් අදියරේ තරඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට අහිමි වී තිබෙනවා.

ලබන මාර්තු මස 4 වැනිදා ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායමේ නවසීලන්ත තරඟ සංචාරය ආරම්භ වන බවයි කියන්නේ.

ඊට එක්වීම සඳහා චමරි ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඇය ක්‍රීඩා කරනු ලබන අප් වොරියස් කණ්ඩායමෙන් තරඟාවලිය අතරතුර ඉවත්ව ඇති බවයි පැවසෙන්නේ.

අප් වොරියස් කණ්ඩායම මේ දක්වා තරඟාවලියේ එක් තරඟයක් පමණක් ක්‍රීඩා කර ඇති අතර එම තරඟය සඳහාද චමරි තෝරාගෙන තිබුණේ නැහැ.

කෙසේවෙතත් අප් වොරියස් කණ්ඩායම නියෝජනය කරන නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩිකා ඇමීලියා කර් ශ්‍රි ලංකාව සමග පැවැත්වෙන තරඟාවලියට සහභාගි නොවී තවදුරටත් ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩා කිරීමට තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this