කැනඩාවේ බිහිසුණු ගුවන් අනතුරක් – දරුවෙකු ඇතුළු 15 දෙනෙකුට තුවාල

Published on

කැනඩාවේ ටොරොන්ටෝ හි පියර්සන් ගුවන්තොටුපළට පැමිණි ඩෙල්ටා ගුවන්සේවයට අයත් බොම්බාර්ඩියර් CRJ900 (N932XJ) ගුවන් යානයක් ගොඩබැස්සවීමේදී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් පසු යානය උඩු අතට පෙරළී තිබෙන බවයි කියන්නේ.

යානය කැනඩා වේලාවෙන් පස්වරු 2.45ට පමණ පියර්සන් ගුවන්තොටුපළට ගොඩබස් වන අවස්ථාවේ දැඩි ශීත කාලගුණික තත්වයක් මෙන්ම හිම පතනයක් ද පැවතී තිබෙන බව සඳහන්.

ඇමරිකාවේ මිනියාපොලිස් සිට ටොරොන්ටෝ දක්වා ගමන් කරමින් සිටි ගුවන් යානයේ මගීන් සහ කාර්යය මණ්ඩලය 80ක් පියාසර කරමින් සිට ඇති බවයි කියන්නේ.

හදිසි තත්ත්වයක් හේතුවෙන් ගුවන්යානය Crash Landing එකක් කර ඇති අතර ඒ හේතුවෙන් කුඩා දරුවෙකු ඇතුළුව 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බරපතල තුවාල ලැබූවන් අතර දරුවකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ.

අදාළ රෝගීන් රෝහල් වෙත යොමු කර තිබෙනවා.

මේ වන විට Transportation Safety Board of Canada මෙම අනතුර සම්බන්ධ විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

Latest articles

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර අද

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්...

කෝප් කමිටුවෙන් හෙළිවුණ කාබනික පොහොර වංචාව

කෝප් කමිටුව 2021 වසරේ දී රුපියල් මිලියන 700 ක වියදමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව...

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් ලංකාවේ විරෝධය

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ...

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර හෙට

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්...

More like this