2025 වසර ආරම්භයේම චීනයේ චිත්‍රපට ආදායම යුවාන් බිලියන 20 ඉක්මවයි

Published on

ඊයේ (16) රාත්‍රි 9: 14 වන විට 2025 වසරේ චීන බොක්ස් ඔෆිස් ආදායම (පූර්ව අලෙවිය ඇතුළුව) යුවාන් බිලියන 20 ඉක්මවා ගොස් ඇති බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දී තිබෙනවා.

ඒ සමඟම 2025 වසර චීන චිත්‍රපට ඉතිහාසයේ වාර්ෂික බොක්ස් ඔෆිස් ආදායමෙන් යුවාන් බිලියන 20 ඉක්මවා ගිය වේගවත්ම වසර ලෙස සඳහන්.

මේ වන විට චීනයේ ඉහළම වාර්ෂික බොක්ස් ඔෆිස් ආදායම හිමි කර ගෙන ඇත්තේ “Nezha 2 :The Magic Child Stirs the Sea” චිත්‍රපටයයි.

වසර පහක් පුරා සූදානම් වී එළි දැක්වූ “Nezha 2 :The Magic Child Stirs the Sea” චිත්‍රපටය තිරගත වීම ආරම්භ වූ දා සිට අඛණ්ඩව වාර්තාගත බොක්ස් ඔෆිස් ආදායම් ලැබීමට සමත් ව තිබීම විශේෂත්වයකි.

ඉකුත් පෙබරවාරි 6 වන දින, එය චීන චිත්‍රපට ඉතිහාසයේ බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ පළමුවැනි ස්ථානය බවට පත් වූ අතර අනතුරුව පෙබරවාරි 13 වන දින එය චීන චිත්‍රපට ඉතිහාසයේ බොක්ස් ඔෆිස් ආදායම බිලියන 10 ඉක්ම වූ පළමු අවස්ථාව මෙන්ම චීන සිනමාවේ නව සන්ධිස්ථානයක් ද සනිටුහන් කළා.

පසුව පෙබරවාරි 15 ​​වන දින ලොව පුරා බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ 11 වන ස්ථානයට ද එම චිත්‍රපටය පත් වූ බවයි වාර්තා වන්නේ.

විශිෂ්ට චිත්‍රපට සඳහා ප්‍රේක්ෂකයින්ගේ පිළිගැනීම බොක්ස් ඔෆිස් ආදායම ක්‍රමයෙන් ඉහළ යාමට හේතු වී ඇති අතර චීනයේ විශිෂ්ට සාම්ප්‍රදායික සංස්කෘතිය වර්තමානයේ දී අති නවීන තාක්ෂණික ප්‍රයෝග හරහා ජනතාව වෙත ඉදිරිපත් කිරීමෙන් එහි නව ජීවයක් පෙන්නුම් කරන බව සිනමා විශේෂඥයින්ගේ විශ්වාසයයි.

Latest articles

මමනම් ඒ හවුල් සාකච්ඡාවට සම්බන්ධ වුණේ නෑ – දිලිත් කියයි

පළාත් පාලන ආයතනවල බලය ගැනීමේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ රැස්වීම සම්බන්ධයෙන් තමන්ගේ නම සඳහන්...

මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 21 දෙනෙකු ජිවිතක්ෂයට

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය...

ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනවා – ජනපති

ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර...

පොහොර වංචා කර වැඩිමිලට අලෙවි කරන්න හැදූ 12ක් අත්අඩංගුවට

ඇමෝනියා පොහොර යූරියා පොහොර ලෙසට වංචා කර වැඩිමිලට අලෙවි කිරීමට ආධාර අනුබල දිම සම්බන්ධයෙන්,...

More like this