ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුව විදේශ ආයෝජකයින්ට ඉදිරි වසර දෙක සඳහා ස්ථාපිත නිවාස මිලදී ගැනීම තහනම් කර තිබෙනවා.
එරට නිවාස මිල විශාල ලෙස ඉහළ යාමත් සමග පවතින අර්බුදය ඊට හේතුවයි.
මැතිවරණ සමයේ පොරොන්දුවක් ලෙස මෙම තීරණයක් ගෙන ඇති බව සඳහන්.
ඕස්ට්‍රේලියානු නිවාස අමාත්‍ය ක්ලෙයාර් ඕ’නීල් අද (16) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අප්‍රේල් 1 වැනිදා සිට 2027 මාර්තු 31 වැනිදා දක්වා මෙසේ විදේශීය ආයෝජකයින්ට ස්ථාපිත දේපළ මිලදී ගැනීම තහනම් කරන බවයි.
එම සීමාව දීර්ඝ කළ යුතු ද යන්න තීරණය කිරීම සඳහා පසුව එය සමාලෝචනය කරනු ලබන බව ද ඔහු පවසනවා.
රජය ගත් මෙම තීරණය වැඩි පිරිසකට නිවෙසක් කරා යාමට උපකාර වීම කෙරෙහි අවධානය යොමු කරමින් පැනවූවක් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ඕස්ට්‍රේලියාවේ නිවාස යනු ලෝකයේ වඩාත්ම දැරිය නොහැකි මිල ගණන් යටතේ පවතින ඒවා වන අතර, විශේෂයෙන්ම තමන්ට කිසිදා නිවසක් මිලදී ගැනීමට නොහැකි වනු ඇතැයි බියෙන් සිටින තරුණ ඡන්දදායකයින් අතර, පුළුල් ජීවන වියදම් අර්බුදයක් මධ්‍යයේ, ඉහළ යන දේපළ මිල ද මැතිවරණ ප්‍රශ්නයක් වනු ඇති බවයි එරට දේශපාලන විශ්ලේශකයන් පවසන්නේ.
දේපළ උපදේශන CoreLogic Inc. අනුව, සිඩ්නි හි, පසුගිය වසර 10 තුළ නිවාස වටිනාකම් 70%කින් පමණ ඉහළ ගොස් ඇති අතර, මධ්‍යස්ථ නිවාස මිල දැන් A$ මිලියන 1.2 (US$762,000) පමණ වේ.
කෙසේ වෙතත්, මෙම නිවාස මිලදී ගැනීමේ තහනම මිල කෙරෙහි සුළු බලපෑමක් පමණක් වනු ඇති බවයි පැවසෙන්නේ.
ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයට අනුව, 2023 ජූනි 30 දිනෙන් අවසන් වූ මාස 12 තුළ විදේශ ආයෝජකයින් හිස් ඉඩම්, නව සහ ස්ථාපිත වාසස්ථාන ඇතුළුව ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 4.9 ක නේවාසික නිශ්චල දේපළ මිලදී ගෙන ඇති බව සඳහන්.
තහනම බලාත්මක කිරීමට උපකාර කිරීම සඳහා බදු කාර්යාලයට අමතර අරමුදල් ලබා දෙන බවයි නිවාස අමාත්‍යවරයා අද දින පැවසුවේ.
මෙම තීරණය එරට ඉදිරියේ පවත්වන මැතිවරණය සැලකියයුතු බලපෑමක් එක් කරනු ඇති.