ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ උපදේශක ලෙස කටයුතු කරන ටෙස්ලා සමාගමේ විධායක නිලධාරී එලොන් මස්ක් විසින් බලයට පත් වී කෙටි කාලයක් තුළ එරට රාජ්‍ය සේවකයින් දස දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් පහ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමරිකාවේ නිලධාරීවාදය පාලනය කිරීමේ කොටසක් ලෙස මෙලෙස රාජ්‍ය සේවකයින් සේවයෙන් පහ කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසන්නේ මේ යටතේ එරට අභ්‍යන්තර, සෞඛ්‍ය. කෘෂිකර්ම, සහ බලශක්ති මෙන්ම මානව සේවා යන දෙපාර්තමේන්තුවලට අයත් සේවකයින් මෙලෙස සේවයෙන් පහකරලීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය කටයුතු කර ඇති බවයි.