Apple සමාගම විසින් 2025 පෙබරවාරි මාසයේ 10 වන දින එළි දැක් වූ සිව්වන පරම්පරාවේ iPhone SE දුරකථනය ඔන්න දැන් නිකුත් කරන්නයි සූදානම් වෙන්නේ.
මෙවර ඔවුන් මෙහි ආකෘතිය තුළින් එහි පූර්වගාමීන්ට වඩා සැලකිය යුතු වැඩිදියුණු කිරීම් කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
වඩාත් වැදගත්ම කාරණාව තමයි මෙහි මිල ගණන්.
ඩොලර් 499ක් නැතිනම් ලංකාවේ මුදලින් 1,47,205ක් වගේ මුදලකට මෙය අපට මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.
අඟල් 6.1 ක OLED Display එකකින් සමන්විත මේ iPhone SE 4 දුරකථනය විශේෂයෙන් iPhone 14 හි සැලසුම සමඟ තරමක් සමාන වන බවයි වාර්තා වෙන්නේ.
මෙය Biometric Authentication සඳහා Face ID හඳුන්වා දෙමින් සාම්ප්‍රදායික මුල් පිටුව බොත්තමෙන් (Home Button) බැහැරවීමක් පෙන්නුම් කරනවා.
එසේම මෙහි හැඩගැස්ම iPhone 14 ට සමාන වීදුරු පිටුපසක් සහ ඇලුමිනියම් රාමුවකින් සමන්විතයි.
මීට පෙර iPhone 15 Pro සඳහා පමණක් සීමා වූ විශේෂාංගයක් වන Action බොත්තමක් මෙවර SE 4 දුරකතනයට ඇතුළත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අලුත් සාමාජිකයාගේ Processor ය A18 chip වන බවයි කියන්නේ.
මේ නිසාම iPhone SE 4 වැඩිදියුණු කළ කාර්ය සාධනයක් සහ කාර්යක්ෂමතාවයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරන්න පුළුවන්.
මේ iPhone එක 8GB RAM සමඟ පැමිණෙන නිසා උසස් විශේෂාංග සහ බහුකාර්ය හැකියාවන් සඳහා සහය දක්වන්නට හැකියාවක් ඊට තිබෙනවා.
ඔන්න ඉතින් ලස්සන ලස්සන Photos ගන්න, Videos ගන්න, සමාජ මාධ්‍යජාලා කළඹන්න පුළුවන් විදියේ උසස් කැමරාවකුත් SE 4 ට තියනව කියල තමයි ආරංචිය.
48MP කින් යුත් පසුපස කැමරාව නිසා, iPhone 15 හෝ 16 වැනි මිල අධික මාදිලි සඳහා වියදම් නොකර උසස් තත්ත්වයේ රූප සහ වීඩියෝ අවශ්‍ය පරිදි ලබාගන්නට ඔන්න දැන් SE 4 දුරකතනයක් මිලදී ගැනීමෙන් හැකි වෙනවා.
මෙය විශේෂයෙන්ම Low Budget එකකින් දුරකථන කාර්යයන් වේගයෙන් පහසුවෙන් කර ගන්න හොයන, උසස් තත්ත්වයේ රූප සහ වීඩියෝ ඡායාරූපගත කර ගන්න හොයන iphone ලෝලීන්ට විශාල වාසියක්.
මෙම ආකෘතිය Apple විසින් ස්වයං-නිර්මාණය කරන ලද 5G මොඩමයක් ඇතුළත් වන පළමු iPhoneය වීම ද විශේෂත්වයක්.
මෙහි සම්බන්ධතාවය සහ දත්ත වේගය වඩාත් දියුණු මට්ටමක පවතින බවයි කියන්නේ.
මෙම 5G මොඩමයක් සමඟින්, පාරිභෝගිකයින්ට වේගවත් බාගත කිරීම් (Download ) සහ උඩුගත කිරීම් (Upload ) වේගයන්, වඩා විශ්වාසදායක සම්බන්ධතා සහ අඩු ප්‍රමාදයක් අත්විඳිය හැකි වනවා.
ඒ වගේම iPhone SE ශ්‍රේණිය එහි දීර්ඝ ආයු කාලය සඳහා මේවන විටත් ප්‍රසිද්ධයි.
මෘදුකාංග යාවත්කාලීනය (Update) සාමාන්‍යයෙන් වසර 5-6ක් දක්වා දීර්ඝ වන බවයි වාර්තා වෙන්නේ.
දැරිය හැකි මිලකට, ඉහළ කාර්යසාධනයක් සහිත දුරකථනයක් සොයන ඕනෑම කෙනෙකුට iPhone SE 4 කියන්නේ ඉස්තරම් තේරීමක්