ජර්මනියේ මියුනිච් නගරයේ දී අද (13) දින ජනතාව අතරට මෝටර් රථයක් ධාවනය කිරීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
තුවාලකරුවන් අතර කුඩා ළමුන් කිහිපදෙනෙකු ද වනවා.
අනතුර සිදු කළ මෝටර් රථයේ පුද්ගලයින් දෙදෙනෙකු රැඳී සිට ඇති අතර ඉන් එක් අයෙකුට පොලීසිය වෙඩි තැබූ බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ.
සිද්ධිය වන අවස්ථාවේ එම ස්ථානයේ උද්ඝෝෂණයක් ද පැවැත්වෙමින් තිබූ බව සඳහන්.
මෙය සැලසුම් සහගතව සිදුකළ අනතුරක් ද නැතහොත් හදිසි අනතුරක් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
හෙට ආරම්භ වීමට නියමිත මියුනිච් ආරක්ෂක සමුළුවවට සහභාගී වීම සඳහා අමෙරිකානු උප ජනාධිපති ජෙ–.ඩී. වැන්ස් සහ යුක්රේන ජනාධිපති වොලොදිමිීර් සෙලෙන්ස්කි අද පස්වරුවේ එරටට පැමිණීමට නියමිත පසුබිමක මෙම අනතුර සිදුවීම ද විශේෂත්වයක්.