මැදදුර මිසයිල පද්ධතියක් පිලිපීනයේ ස්ථානගත කිරීමේ අවදානම ගැන චීනය අනතුරු අඟවයි

Published on

‘ටයිෆෝන්’ නම් මැදදුර මිසයිල පද්ධතිය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් පිලිපීනය තම රටට මෙන්ම සෙසු රටවලට ද කිසිදු හානියක් සිදු නොකළ යුතු බවට චීනය අනතුරු අඟවා තිබෙනවා.

මැදදුර මිසයිල පද්ධතියක් පිලිපීනය තුළ ස්ථානගත කිරීම පිළිබඳව එරට නායකයා කළ ප්‍රකාශයකට එරෙහිව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා මේ බව ප්‍රකාශ කළ බවයි චීන මාධ්‍ය පවසන්නේ.

ඔහු එහිදී යළිත් අවධාරණය කර ඇත්තේ, ඇමරිකාව පිලිපීනය තුළ මැදදුර මිසයිල පද්ධතියක් ස්ථානගත කිරීමෙන් සිදුවන බරපතල හානිය සම්බන්ධයෙන් චීනය සිය දැඩි විරෝධය දිගින් දිගටම ප්‍රකාශ කර සිටින බවයි.

සැවොම දන්නා පරිදි, ‘ටයිෆෝන්’මැදදුර මිසයිල පද්ධතිය යනු බහුතර අග්නිදිග ආසියානු රටවල් ආවරණය වන පරාසයක් සහිත උපායමාර්ගික ප්‍රහාරක අවියක් බවත්, ඇමරිකාව එම පද්ධතිය පිලිපීනයේ ස්ථානගත කිරීම කලාපීය සාමය හා ස්ථාවරත්වය මෙන්ම සෙසු රටවල සාධාරණ ආරක්ෂක අයිතිවාසිකම්වලට ද හානි කර ඇති බවත් Guo Jiakun මහතා පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම පිලිපීනය ජාතික ආරක්ෂාව ද නොසලකා “ටයිෆෝන්” මිසයිල පද්ධතියක් තම රටට හඳුන්වාදීම, භූ දේශපාලනික ගැටුම් සහ යුදමය තරඟයේ අවදානම එම කලාපයට හඳුන්වාදීමක් බවද චීනය පවසනවා.

එබැවින් පිලිපීනයේ මෙම හැසිරීම ඔවුන්ට මෙන්ම අන් අයට ද හානිකර බවයි Guo Jiakun මහතා අවධාණය කර සිටින්නේ.

Latest articles

මමනම් ඒ හවුල් සාකච්ඡාවට සම්බන්ධ වුණේ නෑ – දිලිත් කියයි

පළාත් පාලන ආයතනවල බලය ගැනීමේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ රැස්වීම සම්බන්ධයෙන් තමන්ගේ නම සඳහන්...

මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 21 දෙනෙකු ජිවිතක්ෂයට

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය...

ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනවා – ජනපති

ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර...

පොහොර වංචා කර වැඩිමිලට අලෙවි කරන්න හැදූ 12ක් අත්අඩංගුවට

ඇමෝනියා පොහොර යූරියා පොහොර ලෙසට වංචා කර වැඩිමිලට අලෙවි කිරීමට ආධාර අනුබල දිම සම්බන්ධයෙන්,...

More like this