ලෝකයේ වැඩිම උණුසුම්ම නගරය ලෙස ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ප්‍රාන්තය ප්‍රස්ථාරවල උඩින්ම

Published on

ලෝකයේ වැඩිම උණුසුමක් තිබුණු නගරය ලෙස ඊයේ (12) දිනයේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ප්‍රාන්තය ප්‍රස්ථාරවල ඉහළින්ම පසුවුණා.

ඇඩිලේඩ් ලොව උණුසුම්ම නගරය ලෙස ශ්‍රේණිගත කර ඇත්තේ වසර ගණනාවක උණුසුම් ම දිනයෙන් යටපත් වූ ප්‍රාන්තය ලෙසිනි.

එය එසේ ශ්‍රේණිගත කර ඇත්තේ මුළු ප්‍රාන්තයම අඩු මට්ටමේ සිට දැඩි තීව්‍රතාවයකින් යුත් තාප තරංගයකින් යටපත් වී ඇති බව නිසයි කියන්නේ.

උණුසුම් වායු ස්කන්ධයක් ප්‍රාන්තය පුරා එල්ල වී ඇති බැවින් උෂ්ණත්වය අංශක 50කට ආසන්න වීමත් සමඟ තාප තරංග සහ ගිනි අනතුරු ඇඟවීම් සිදු කොට තිබෙන බව සඳහන්.

Oodnadatta නගරය වසර 65කට පසු එහි උණුසුම්ම දිනය වාර්තා කළ අතර එය සෙල්සියස් අංශක 48.7ක් දක්වා ඉහළ යාමකි.

Coober Pedey අංශක 48.1ක්, Tarcoola අංශක 47.8ක් සහ පෝර්ට් ඔගස්ටා අංශක 46ක් දක්වා ඉහළ ගියේය.

එමෙන්ම ඊයේ දිනයේ පෘථිවියේ උණුසුම්ම ස්ථාන 10 බවට පත් වූයේද එම ස්ථාන හතර වේ.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශයේ සයිමන් ටිම්කේ පැවසුවේ සාමාන්‍යයෙන් මුහුදු සුළං සමඟ මඳක් සහනයක් ලැබෙන වෙරළ තීරයේ පවා සෑම තැනකම ඉතා උණුසුම් තත්ත්වයක් පැවති බවයි.

මෙම උණුසුම් කාලගුණය නිසා නගරය වටා ඇති කැෆේ සහ ඉඳි කිරීම් ස්ථාන වසා දමන ලදි.

පොදු ප්‍රවාහනයට එය බලපෑම් සිදු කළේ දුම්රියවලට ඔවුන්ගේ වේගය අඩු කිරීමට සහ ට්‍රෑම් රථ සේවා පැයක දී උපරිම අටක් දක්වා කපා හැරීමට සිදු කරමිනි.

ඇඩිලේඩ්වල පදිංචිකරුවන් පැවසුවේ, නගරයේ ඇවිදීම පවා ඇදහිය නොහැකි තරම් අපහසු, දරුණු උණුසුම් තත්ත්වයක පැවති බවයි.

ක්‍රම ක්‍රමයෙන් අඩු පීඩන පද්ධතියක් නැගෙනහිර දෙසට හමා යන විට සිසිල් වෙනසක් දැන් ප්‍රාන්තයට දැනෙමින් තිබේ.

ප්‍රාන්තය තුළ තාප තරංග අනතුරු ඇඟවීමක් කර තීබූ අතර, බටහිර වෙරළ, නැගෙනහිර අයර් අර්ධද්වීපය, පහළ අයර් අර්ධද්වීපය සහ මවුන්ට් ලෝෆ්ටි රේන්ජ් ප්‍රදේශ සඳහා දැඩි ගිනි අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මක වූ බවයි කියන්නේ.

අනෙකුත් අග්නිදිග අගනගරවලට මෙම උණුසුම දැනුණු අතර සතිය පුරාවටම ඉහළ උෂ්ණත්වයක් පවතිනු ඇති බව කියයි.

අද රාත්‍රියේ සිසිලස වෙනස් වීමට පෙර මෙල්බර්න් නුවර අංශක 35ක ඉහළ අගයක් මෙන්ම හෙට දිනයේ අංශක 37ක් ලෙස පැවති හැකි බවට පුරෝකථනය කර ඇත.

තවද බටහිර වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ සඳහා ද ඉහළ ලැව් අවදානමක් ද ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇති බවයි කියන්නේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...