තායිවාන ගැටළුව තම රටේ අභ්‍යන්තර කටයුත්තක් බැවින් කිසිදු බාහිර මැදිහත්වීමකට ඉඩ නොදෙන බව චීනය කියයි

Published on

චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය තායිවාන ගැටළුව සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන බැවින් කිසිදු බාහිර මැදිහත්වීමකට ඉඩ නොදෙන බව‍ ප්‍රකාශ කර තිබෙනවා.

චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලය අද (12) නිත්‍ය මාධ්‍ය හමුවක් පවත්වමින්, ඇමරිකාව සහ ජපානය අතර අදාළ ඒකාබද්ධ ප්‍රකාශය පිළිබඳ ප්‍රතිචාර දක්වමිනුයි ඇය මේ බව පවසා ඇත්තේ.

චීනය පවසන්නේ ඊනියා ඇමරිකා ජපාන ඒකාබද්ධ ප්‍රකාශය, තායිවාන ගැටළුව භාවිත කරමින් වගකීම් විරහිත ප්‍රකාශ පළකිරීම සහ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වීම මූලික කරගෙන ඇති බවයි.

එබැවින් චීන ප්‍රතිපත්තිය සහ චීන ඇමරිකා ඒකාබද්ධ නිවේදනයන්ට අවනත වෙමින් තායිවාන බෙදුම්වාදීන්ට වැරදි පණිවුඩ ලබා දීම නවත්වන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම වගකීම් සහගත රටක් ලෙස ජපානය ඓතිහාසික පාඩම්වලින් ඉගෙන, තායිවාන ගැටළුව සුපරීක්ෂාකාරීව හැසිරවිය යුතු අතර, චීනය සහ ජපානය අතර දේශපාලන සබඳතා සඳහා අවනත විය යුතු බවත් චීනය අවධාරණය කරයි.

Latest articles

මමනම් ඒ හවුල් සාකච්ඡාවට සම්බන්ධ වුණේ නෑ – දිලිත් කියයි

පළාත් පාලන ආයතනවල බලය ගැනීමේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ රැස්වීම සම්බන්ධයෙන් තමන්ගේ නම සඳහන්...

මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 21 දෙනෙකු ජිවිතක්ෂයට

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය...

ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනවා – ජනපති

ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර...

පොහොර වංචා කර වැඩිමිලට අලෙවි කරන්න හැදූ 12ක් අත්අඩංගුවට

ඇමෝනියා පොහොර යූරියා පොහොර ලෙසට වංචා කර වැඩිමිලට අලෙවි කිරීමට ආධාර අනුබල දිම සම්බන්ධයෙන්,...

More like this