ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟ දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද (12) පැවැත්වීමට නියමිතයි.
ඒ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.
ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටදී එක්දින තරඟාවලියක දී මුණ ගැසෙන්නේ වසර 3කට පසුවය.
අවසන් වරට දෙරට අතර එක්දින තරඟාවලියක් 2022 වසරේදී පැවැති අතර එය තරඟ 3ට 2ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වූවා.
මේ දිනවලදී ආර් .ප්‍රේමදාස පිටියේ විඳුලි කුළුණුවල සිදු කරන නවීකරණය කටයුතු හේතුවෙන් කලකට පසුවයි මෙසේ එම පිටියේ දී දිවා තරඟ ලෙසින් ශ්‍රී ලංකා -ඕස්ට්‍රේලියා එක්දින තරඟ දෙකම පැවැත්වෙන්නේ.
පළමු එක්දින ක්‍රිකට් තරඟය අද පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිත බව සඳහන්.
ශ්‍රී ලංකා කණ්ඩායම චැම්පියන්ස් කුසලානයෙන් ඉවත්ව යමින් මෙම තරඟාවලියට පිවිසෙද්දී, චැම්පියන්ස් කුසලානයට පෙර සිය දස්කම් මුවහත් කර ගැනීමේ අරමුණ ඇතිවයි ඕස්ට්‍රේලියානුවන් තරඟාවලියට එක්වන්නේ.