ලෝක ප්‍රසිද්ධ නිල් චිත්‍රපට නිළියක වන Emily Willis, Ketamineවලට ඇබ්බැහි වීම නිසා පුනරුත්ථාපන කාලයෙන් පසු ‘ස්ථිර ආබාධිත’ තත්ත්වයට පත්ව තිබෙනවා.
එමිලි බරපතල ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා මැලිබු නම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි අතර ඉන් පසුවයි මෙම සදාකාලික ආබාධිත බවට පත්ව ඇත්තේ
25 හැවිරිදි එමිලි විලිස්ගේ පවුලේ සාමාජිකයන් එම නිසා Summit Malibu නම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සහ එහි මව් සමාගම වන Malibu Lighthouse Treatment Centers, LLC ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව සඳහන්.
යැපෙන වැඩිහිටියෙකු අපයෝජනය කිරීම, වෘත්තීය නොසැලකිල්ල, නොසැලකිලිමත්කම සහ වංචනික ව්‍යාපාරික භාවිතයන් යන කරුණු මූලික කරගෙනයි ඔවුන් මෙම නඩුව ගොනු කර ඇත්තේ.
සිය වෘත්තීය ජීවිතය පුරා චිත්‍රපට 700කට අධික සංඛ්‍යාවක රඟපෑ විලිස් 2024 මුල් භාගයේ දී හෘදයාබාධයකට ලක්වීමෙන් පසු අර්ධ සිහිකල්පනාවෙන් පසු වූවා.
ඇය 2024 ජනවාරි 27 වැනි දින පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුළු වූයේ කෙටමින් ඇබ්බැහියකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි.
විලිස් වසරක් මුළුල්ලේම ‘දිනකට ග්‍රෑම් පහක් හෝ හයක්’ මත්ද්‍රව්‍ය පානය කර ඇති බව පැවසෙන අතර, එම නිසා මුත්‍රා පිටවීම සම්බන්ධ ගැටළුවක් සහ රාත්‍රී භීතිය ඇතිවීම ඇතුළු බරපතල අතුරු ආබාධ තිබූ බව සඳහන්.
ඇය සම්බන්ධයෙන් පළකොට ඇති උසාවි ලේඛනවලට අනුව, විලිස් ඒ වන විටත් මානසික අවපීඩනය, කාංසාව සහ PTSD රෝග විනිශ්චයනට ලක් කර ඇති අතර, එහිදී මානසික අවපීඩන නාශක සහ කාංසාව නාශක ඖෂධ ලබාගත් බවයි කියන්නේ.
ඉන් පසු සිදු කරන ලද ඖෂධ පරීක්ෂණවලින් හෙළි වූයේ ශරීර පද්ධතියේ කෙටමින් හෝ වෙනත් ද්‍රව්‍ය නොමැති බවයි.
එසේම ඇය ප්‍රතිකාරවල සිටියදී සුව වන්නට පෙර ඇවිදීමට උත්සාහ කර ඇති බවට නඩුවෙන් කියැවෙන අතර කැක්කුම්, වෙව්ලීම ආදී දුර්වලතාවයෙන් පීඩා විඳිමින්, වේදනාවෙන් පෙළෙනමින් සිටි බවයි පැවසෙන්නේ.
එමිලි සහ ඇගේ භාරකරු යෙසෙනියා ලාරා කූපර් වෙනුවෙන් පෙනී සිටින ජේම්ස් ඒ මොරිස් නම් නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ අවසානයේ හෙදියකට ඇගේ රුධිර පීඩනය මැනිය නොහැකි තරමට ඇය විජලනය වූ බවයි.
නඩුවට අනුව, 2024 පෙබරවාරි 4 වන දින හෙද වෘත්තිකයෙකු විසින් විලිස් සිහිසුන්ව සිටින බව සොයා ගන්නා ලද අතර වෛද්‍යවරුන් හෘද ස්පන්දනය යථා තත්ත්වයට පත් කරන තෙක් මිනිත්තු 30 සිට 40 දක්වා විලිස්ට CPR සිදු කළ නමුත් ඒ වන විට ඇගේ මොළයට ඔක්සිජන් නොමැතිකම නිසා ඇය කෝමා තත්වයට පත් ව සිටි බව සඳහන්.
පසුව ඇයට සිහිය ලැබී ඇති බව වාර්තා වන අතර දැන් ඇයගේ දෑසින් දේවල් නිරීක්ෂණය කළ හැකි නමුත් චලනය වීමට හෝ කතා කිරීමට නොහැකිව ඇය Utah හි රැකවරණ නිවාසයක සිටිනවා.
මොරිස් ප්‍රකාශ කළේ, සම්මත වෛද්‍ය ප්‍රතිකාර අනුගමනය කළේ නම්, එමිලිට ඇගේ ජීවිතය පාලනය කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි.
විලිස් ප්‍රථම වරට වැඩිහිටි කර්මාන්තයට සම්බන්ධ වූයේ 2018 දී, වයස අවුරුදු 18 සම්පූර්ණ වීමෙන් පසුවයි.
වැඩිහිටි විනෝදාස්වාදයේ ජනප්‍රියතම නමක් සාදාගෙන සිටි මැය වසරක් ඇතුළත Penthouse Pet of the Month ලෙස නම් කර ඇති අතර ඇයගේ කීර්තිය වර්ධනය වූයේ එතැන් සිට බවයි වාර්තා වන්නේ.
2021 දී, විලිස් AVN සම්මාන උළෙලේ දී ඉහළ ම ගෞරවය ඇතිව වසරේ රංගන ශිල්පිනිය (කාමුක දර්ශන ඔස්කාර්) ලෙස ද ඇය හඳුන්වනු ලැබුවා.
ඇය පසුව ප්‍රධාන ධාරාවේ චිත්‍රපටවලට පැමිණීම සිදු කළේ එඩී අල්කසාර්ගේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන ඩිවිනිටි හි ස්ටීවන් ඩෝෆ් සහ බෙලා තෝර්න් සමඟ රඟපෑමෙන්.
එසේම, ඇය සහභාගී වූ අවසාන සම්මුඛ සාකච්ඡාවක දී පැවසුවේ දිගටම ප්‍රධාන ධාරාවේ චිත්‍රපටවල රංගනයේ යෙදීමට සහ ඇයගේම විලාසිතා රේඛාවක් මත වැඩ කිරීමට තමන් උනන්දු වන බවයි.
වැඩිහිටියන්ට පමණක් සිමා වූ චිත්‍රපට කර්මාන්තයෙන් ඉවත් වී ප්‍රධාන ධාරාවේ චිත්‍රපටවල රංගනයට පමණක් අවධානය යොමු කළ බවයි ඇය පුනරුත්ථාපනයට ඇතුළත් වීමට මාස දෙකකට පමණ පෙර සිදු කරන ලද තවත් සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබුණේ.