9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹේ

Published on

9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල අද රාත්‍රී ආරම්භ වුණා.

සමාරම්භක උත්සවය පැවැත්වුණේ, ඊසානදිග චීනයේ හෙයිලොන්ජියැං පළාතේ අගනුවර වන හාර්බින් හි ජාත්‍යන්තර සම්මේලන සහ ප්‍රදර්ශන ක්‍රීඩා මධ්‍යස්ථානයේදීයි.

ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ කෙරුණේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන්.

විචිත්‍රවත් අංග රැසකින් ඇරඹි ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ආසියානු මහාද්වීපය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1270 කට වැඩි පිරිසක් මෙවර එක්ව සිටිනවා.

ස්කී ක්‍රීඩාවේ දක්ෂතා පෙන්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ක්‍රීඩා උළෙල සඳහා එක්ව සිටීම ද විශේෂත්වයකි.

මීට පෙර 2017 ශීත ඍතු ආසියානු ක්‍රීඩා උළෙලට ද සහභාගී වූ එම්. සජීව් ද සිල්වා සහ ෂෙහාන් මධුර මුතුගල යන ක්‍රීඩකයින් මෙන්ම හිම පුවරු උපදේශකයෙකු ලෙස සේවය කරන ධනුෂ්ක බණ්ඩාර සහ ඔහුගේ අධීක්ෂණය යටතේ පුහුණුව ලබන මාතොට ආරච්චිගේ පියුමි පියදර්ශනී මෙවර ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබනවා.

අයිස් හොකී, ස්කේටිං, ස්කීං සහ ස්කී කඳු නැගීම වැනි සාම්ප්‍රදායික ශීත ක්‍රීඩා ද සමඟින් ඉසව් 64 ක් මෙවර තරඟාවලියට ඇතුළත් වන අතර, පිරිමි සහ කාන්තා කේවල සහ මිශ්‍ර යුගළ ඇතුළු කාණ්ඩ කිහිපයකින් තරඟ වට පැවැත්වෙන බව සඳහන්.

9 වන ආසියානු ශීත සෘතු ක්‍රීඩා උළෙල පෙබරවාරි 14 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this