එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තමන් තීරණය කළ බව ඕස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මාකස් ස්ටොයිනිස් පවසනවා.
මෙය පහසු තීරණයක් නොවුණත් නියමිත කාලයෙදී ගත්, නිවැරදි තීරණයක් බවයි ඔහු ප්‍රකාශ කළේ.
ස්ටොයිනිස් සඳහන් කළේ තම ක්‍රීඩා දිවියේ ඉදිරිය ගැන මෙතැන් සිට අවධානය යොමු කරන බවයි.
ඕස්ට්‍රෙිලියාව වෙනුවෙන් එක්දින තරඟ 71 කට ක්‍රීඩා කර ඇති මාකස් ලකුණු 1495ක් රැස් කර තිබෙනවා.
ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 6ක් ඇතුළත්.
එමෙන්ම එක්දින කඩුලු 48ක් දවා ගැනීමටද ඔහු සමත් වුණා.