ආරක්ෂක අවදානම මත ඕස්ට්‍රේලියාව DeepSeek තහනම් කරයි

Published on

ආරක්ෂක අවදානම මත බව පවසා ඕස්ට්‍රේලියාව විසින් Deepseek AI යෙදවුම සියලුම රජයේ උපාංග සහ පද්ධතිවලින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

පාසල් සහ ආර්ථික ක්ෂේත්‍රයට සෘජුවම බලපාන සෙසු රාජ්‍ය ආයතනවලින් එය ඉවත් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහෙත් තීරණයක් ගෙන නැහැ.

එසේම පුරවැසියන්ගේ උපාංගවලින් ද එය තහනම් නොකෙරෙන බවයි පැවසෙන්නේ.

ඕස්ට්‍රේලියානු රජය අවධාරණය කර ඇත්තේ මෙම තහනම සිදු කළේ යෙදුමේ චීන සම්භවය නිසා නොව එය ජාතික ආරක්ෂාවට ඇති “පිළිගත නොහැකි අවදානම” නිසා බවයි.

බටහිර රටවලට චීන තාක්‍ෂණය පිළිබඳ සැක මතු වීම හේතුවෙන් ආරක්ෂක හේතුන් බව පවසා Huawei සහ සමාජ මාධ්‍ය වේදිකාව වන TikTok සඳහා ස මෙලෙස තහනම් පැනවීමට මීට පෙර කටයුතු කළා.

ඕස්ට්‍රේලියානු විද්‍යා ඇමතිවරයෙකු මීට පෙර ජනවාරි මාසයේ දී කියා සිටියේ රටවල් DeepSeek සම්බන්ධයෙන් “ඉතා පරිස්සම් විය යුතු” බවයි.

ඉතාලියේ එහි රහස්‍යතා ප්‍රතිපත්තිය ප්‍රශ්න කිරීමෙන් පසු චැට්බොට් යෙදුම් වෙළඳසැල්වලින් ඉවත් කර ඇති අතර ඉතාලි රජය කලින් 2023 මාර්තු මාසයේ දී පුද්ගලිකත්ව ගැටළු මත ChatGPT ද තාවකාලිකව අවහිර කළා.

දකුණු කොරියාවේ, අයර්ලන්තයේ සහ ප්‍රංශයේ නියාමකයින් විසින් DeepSeek චීනයේ සේවාදායකයන් තුළ ගබඩා කරන පරිශීලක දත්ත හසුරුවන ආකාරය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවද සඳහන්.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ද පවසා ඇත්තේ එක්සත් ජනපදය දැන් සිදුවිය හැකි ආරක්ෂක ඇඟවුම් පිළිබඳව සොයා බලන බවයි.

තවද එක්සත් ජනපද නාවික හමුදාවේ සිය සාමාජිකයින්ට DeepSeek භාවිතා කිරීම තහනම් කර ඇති බව වාර්තා වන අතර ඔවුන් එය තවම තහවුරු කර නැහැ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...