ඕස්ට්‍රේලියාවේ ගංවතුර නිසා අයෙක් මරුට – දහස් ගණනක් නිවාස හැර යයි

Published on

ඕස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශයේ ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් එක් පුද්ගල මරණයක් මේ වනවිට වාර්තා වී ඇති අතර දහස් ගණනක් සිය නිවාස හැර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිකුරාදා සිට ඕස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්තයට අධික වර්ෂාපතනයක් ලැබෙන අතර ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් පසු දහස් ගණනකට ටවුන්ස්විල් නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් ඉවත් වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

අධික වේගයෙන් ගලා යන ගංවතුර අනතුරුදායක මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති අතර ග්‍රාමීය නගරයක් වන ඉන්ග්හැම්හිදී ගංවතුරෙන් පීඩාවට පත් පිරිස් ගළවා ගැනීමට ගිය බෝට්ටුවක් පෙරලීමෙන් 60 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

ගංවතුර හේතුවෙන් ඔලේර ඔයේ කොන්ක්‍රීට් පාලමක කොටසක් ද ගසාගෙන ගොස් ඇති බව සඳහන්.

උතුරු ක්වීන්ස්ලන්තයේ මහා බාධක පරය අසල පිහිටා ඇති ජනප්‍රිය වෙරළබඩ සංචාරක ගමනාන්තයක් වන ටවුන්ස්විල් ප්‍රදේශය ගංවතුර හේතුවෙන් කළු කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එසේම එම කලාපය තුළ සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර බලධාරීන් විසින් ටවුන්ස්විල් ගුවන් තොටුපළ තාවකාලිකව වසා දමා ඇති බව සඳහන්.

එරට කාලගුණ අංශ සදහන් කළේ, පවතින අධික වර්ෂාවේ වැඩි වීමක් ඉදිරියේදී ද අපෙක්ෂා කරන බවයි.

මෙය වසර 60 කට පසු එම කලාපයට ඇති වූ දරුණුතම ගංවතුර තත්ත්වය විය හැකි බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this