දිමුත් ජාත්‍යන්තර පිටියට සමුදෙයිද ?

Published on

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ආරම්භක පිතිකරු හිටපු නායක දිමුත් කරුණාරත්න බ්‍රහස්පතින්දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් පසු ජාත්‍යන්තර පිටියට සමුදීමට තීරණය කර ඇති බව වාර්තාවනවා.

එය ඔහුගේ 100 වන ටෙස්ට් තරගය බවයි පැවසෙන්නේ.

ජාත්‍යන්තර පිටියට සමුදීමෙන් පසු දිමුත් ලබන මාසයේ තම පවුලේ අය සමඟ ඕස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණිමට නියමිත බවයි වාර්තා වී ඇත්තේ.

දිමුත් සිය වෘත්තීය ක්‍රිකට් ජීවිතයේ අවසාන තරගය පෙබරවාරි 14 සිට 16 දක්වා NCC පිටියේදී SLC මේජර් ක්ලබ් තුන්දින තරඟාවලියේදී SSC වෙනුවෙන් NCC කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන බව සඳහන්.

දිමුත් කරුණාරත්න පවසා ඇත්තේ තමන්ට පෞද්ගලික සැලසුම් කිහිපයක් තිබෙන බවත් ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් වැනි අනෙකුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමඟ කතා කිරීමෙන් පසු විශ්‍රාම ගැනීමට තීරණය කළ බවයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තිදෙනා එකවර විශ්‍රාම යනවා වෙනුවට එක් එක්කෙනා යාම වඩා හොඳ වනු ඇති බවයි .

ටෙස්ට් ලකුණු 10,000 සම්පූර්ණ කිරීමට නොහැකි බව දන්නා බැවින් තමා මුලින්ම විශ්‍රාම ගැනීමට තීරණය කල බවයි දිමුත් කරුණාරත්න පවසා ඇත්තේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this