විදුලිබල මණ්ඩලය හෝ එහි ආයතන විකුණන්නේ නෑ – බලශක්ති ඇමති

Published on

විදුලි බල මණ්ඩලය හෝ එහි ආයතන විකුණා දැමීමක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසනවා.

බලශක්ති හා මූල්‍ය ක්ෂේත්‍රවල රජයට අයිති අධිපතීත්වය, හිමිකාරීත්වය ආරක්ෂා කරගත යුතු බව මැතිවරණයට පෙර සිටම ප්‍රකාශ කළ බැවින් එම පොරොන්දු එලෙසම ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යාවරයා පෙන්වා දෙන්නේ.

ඔහු මේ බව කියා සිටියේ, නොරොච්චෝලේ ලක්විජය විදුලිබලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

කිසිදු අයුරකින් මෙම ආයතන විකිණිමක් නොකරන බවත්, ප්‍රතිව්‍යුහගතකරණය හරහා විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම යන කොටස් වෙන්කිරීම පමණක් සිදුකරන බවයි අමාත්‍යාවරයා පවසන්නේ.

ඒවා සියයට සියයක් රජය සතු සමාගම් ලෙස පවත්වාගෙන යන බවත් කිසිදු කොටසක් පුද්ගලික අයිතියට පවරන්නේ නැති බවත් අමාත්‍යාවරයා මෙහිදි වැඩි දුරටත් සඳහන් කළා.

ඒ හේතුවෙන් ආයතනවල අනාගතය මෙන්ම සේවකයින්ගේ රැකියා සුරක්ෂතතාවය තහවුරු කෙරෙනු ඇති බවයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පෙන්වා දෙන්නේ.

Latest articles

තවත් වාහන කාණ්ඩ කිහිපයක් ආනයනයට අවසර

තවත් වාහන කාණ්ඩ කිහිපයක් ආනයනය කිරීමට අවසර ලබාදෙමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා...

මෙටා සමාගමෙන් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 25ක වන්දියක් දෙන්න එකඟවෙයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වන්දි ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 25ක මුදලක් ලබා දීමට මෙටා...

නැගෙනහිර සහ උතුරු මැද පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරු පත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාත සඳහා නව...

සෞදියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉල්ලීම් රැසක්

ටකාමෝල්( Takamol) යනු සෞදි අරාබි රජයේ මානව සම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින...

More like this