මීගමුව බස් නැවතුමට පණ දෙන්න සුගත් සූදානම්

Published on

ගරා වැටෙමින් පවතින මීගමුව බස් නැවතුම්පොළට නව පණක් දෙන්න සූදානම් බව ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ විධිමත් ලෙස වැඩ අවසන් කර නොමැති මීගමුව නගරයේ පිහිටි බස් නැවතුම්පොළ සහිත ගොඩනැගිල්ලෙහි වර්තමාන තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ඊයේ (28) ගිය අවස්ථාවේ දීයි.

දැනට මහල් තුනකින් සමන්විත මෙම ගොඩනැගිල්ලෙහි පහත මහල පමණක් ක්‍රමවත් ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනෙන අතර අනෙක් මහල් දෙකම ගරා වැටෙමින් පවතින බවට එහිදී නිරීක්ෂණය වී තිබෙනවා.

එසේම ගොඩනැගිල්ලෙහි අක්‍රමවත්ව සැකසූ වහලය හේතුවෙන් වර්ෂා තත්ත්වයක දී ඇදහැලෙන ජලය ගොඩනැගිල්ලේ ඇතුළට කාන්දු වීම නිසා ගොඩනැගිල්ලෙහි බිත්ති සහ ගොඩනැගිලි භූමිය ද අපවිත්‍ර වී ඇති බවයි එහිදී අනවරණය වූයේ.

ජනතා බදු මුදල් වියදම් කොට ඇතත් තවමත් විධිමත්ව වැඩ අවසන් කොට නැති ගොඩනැගිල්ල, නව රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සම්පූර්ණයෙන්ම නැවත ප්‍රතිසංස්කරණය කර, රටටත්, නගර සභාවටත් ආදායමක් ලැබිය හැකි ස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම පොදු මහජනතාවට ප්‍රයෝජනයක් ගත හැකි ස්ථානයක් බවට එය පත් කිරීමට සැලසුම් සහගතව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද බලාපොරොත්තු වන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this