රසායනිකයක් ඉහළ මට්ටමක පැවතීමෙන් Coca-cola සමාගම අපනයනය කළ නිෂ්පාදන යළි කැඳවයි

Published on

Chlorate නම් රසායනිකය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් Coca-cola සමාගම යුරෝපයේ රටවල් කිහිපයකට යැවූ සිය නිෂ්පාදන යළි කැඳවා තිබෙනවා.

එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බෙල්ජියම, ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තය යන රටවල්වලට යැවූ නිෂ්පාදනද නැවත ගෙන්වීමට අවධානය යොමු කර ඇති බවයි.

බ්‍රිතාන්‍යයට යවා ඇත්තේ නිෂ්පාදන කුඩා ප්‍රමාණයක් බවත්, ඒවා දැනටමත් විකුණා ඇති බවත් ඔවුන් පවසනවා.

Coca-Cola හි ජාත්‍යන්තර බෝතල් කිරීමේ සහ බෙදා හැරීමේ මෙහෙයුමේ බෙල්ජියමේ ශාඛාව පවසන්නේ මෙම ගැටලුවට ලක් වූ නිෂ්පාදන අතර Coke, Fanta, Sprite, Tropico සහ Minute Maid සන්නාම ඇතුළත් වන බවයි.

ජලය පිරිපහදු කිරීමේදී සහ ආහාර සැකසීමේදී ක්ලෝරීන් මත පදනම් වූ විෂබීජ නාශක භාවිතා කරන විට මෙම ක්ලෝරේට් රසායනිකය නිපදවිය හැක.

බෙල්ජියමේ Ghent හි සමාගමේ නිෂ්පාදන මධ්‍යස්ථානයේ සාමාන්‍ය පරීක්ෂණ අතරතුරකදීයි මෙම ක්ලෝරේට් රසායනිකය ඉහළ මට්ටමක පවතින බව සොයා ගන්නා ලද්දේ.

Appletiser, Coca-Cola Original Taste, Coca-Cola Zero Sugar, Diet Coke සහ Sprite Zero 328 GE සිට 338 GE දක්වා නිෂ්පාදන කේත සහිත ආනයනය කරන ලද ටින් ඉතා කුඩා සංඛ්‍යාවකට මෙම ගැටළුව බලපා ඇති බව සමාගම පවසයි.

කෙසේ නමුත් ක්ලෝරේට් ඉහළ මට්ටමකට නිරාවරණය වීම විශේෂයෙන් ළමුන් සහ ළදරුවන් අතර තයිරොයිඩ් ගැටළු ඇතුළු සෞඛ්‍ය ගැටළු, ඇති විය හැකිය.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this