ඕස්ට්‍රේලියානුවන් ජාතික දිනයේ ප්‍රීති ඝෝෂා නගද්දී එරට ආදිවාසීන් විරෝධතාවයක

Published on

බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයේ සංවත්සරය සමරන ඕස්ට්‍රේලියාවේ ජාතික දිනය දා, ආදිවාසීන් සහ ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් විරෝධතාවයක නිරත වී තිබෙනවා.

මෙම විරෝධතාවය නිසා ඊයේ (26) ඔස්ට්‍රේලියානු ජාතික දින සැමරුම් උත්සවයට පෙර මෙල්බර්න් නුවර ඓතිහාසික ප්‍රතිමා දෙකකට හානි සිදු කර ඇති බව ද සඳහන්.

එම දිනය ප්‍රීති ඝෝෂා කළ යුතු එකක් නොවන බව පවසමින් ආදිවාසී කණ්ඩායම්වලට සහය පළ කරන පිරිස් සහ ආදිවාසීන් රට පුරා ප්‍රදේශ රැසක විරෝධතා පවත්වා තිබෙනවා.

ජනවාරි 26 වන දින ඕස්ට්‍රේලියාවේ ජාතික දිනය වූවත් බොහෝ ආදිවාසීන් එම දිනය ශෝකී දිනයක් ලෙසටයි සලකන්නේ.

ඊට හේතුව වන්නේ එය බ්‍රිතාන්‍යයන් විසින් රට යටත් විජිතකරණයේ ආරම්භය සනිටුහන් කරන දිනය වීම සහ Captain James Cook ඕස්ට්‍රේලියාවට ගොඩ බැස්ස දිනය වීමයි.

දවස පුරා සිඩ්නි නගරයේ විරෝධතා සහ සංගීත සංදර්ශන සඳහා 15,000 ක පිරිසක් සහභාගී වූ බවයි ඕස්ට්‍රේලියානු පොලිසිය ඇස්තමේන්තු කර ඇත්තේ.

ඊට එක් වූ විරෝධතාකරුවන්, පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදු වූ ආදිවාසී මරණ පිළිබඳව, අතුරුදහන් වූ සහ ඝාතනය කරන ලද ආදිවාසී කාන්තාවන්, ඉඩම් අයිතිය, සහ ආදිවාසීන්ට සහයෝගය දැක්වීම සඳහා ගිවිසුමක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව ඇතුළුව ආදිවාසී ඕස්ට්‍රේලියානුවන්ට වැදගත් කරුණු රැසක් ගැන අදහස් දක්වා සිටි බව සඳහන්.

ආදිවාසී ජනතාව වෙනුවෙන් ව්‍යවස්ථාපිත හඬක් පාර්ලිමේන්තුවට පිහිටුවීමට අගමැති ඇන්තනි ඇල්බනීස් දැරූ උත්සාහය 2023 ජනමත විචාරණයකින් සම්පූර්ණයෙන්ම පරාජයට පත් වුණා.

කෙසේ නමුත් විපක්ෂ නායක Peter Dutton සමාජ මාධ්‍යවල සටහනක් තබමින් කියා සිටියේ ඕස්ට්‍රේලියානුවන් ඕස්ට්‍රේලියානු දිනය තම රටේ සැමරීමට බිය නොවිය යුතු බවයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...