ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ විශිෂ්ඨතම පන්දුවාර 20යි 20 පිරිමි හා කාන්තා කණ්ඩායම් නම් කර තිබෙනවා.
ඒ අනුව පිරිමි කණ්ඩායමේ නායකත්වයට ඉන්දිය කණ්ඩායමේ රෝහිත් ෂර්මා නම් කර තිබෙන බව සඳහන්.
එම කණ්ඩායමේ එකම ශ්‍රි ලංකා නියෝජනය වන්නේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගයි.
මේ අතර කාන්තා පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායකත්වයට දකුණු අප්‍රිකාවේ ලෝරා වොල්වරොට් නම් කර තිබෙනවා.
එම කණ්ඩායමේද එකම ශ්‍රි ලංකා නියෝජනය වන්නේ ශ්‍රි ලංකා නායිකා චමරි අතපත්තුයි.