ඇමෙරිකාව තුළ නිෂ්පාදන නොකරන්නේ නම් ඉහළ තීරු බදු ගෙවීමට සිදු වනවා – ජනපති ට්‍රම්ප්

Published on

සිය රට තුළ නිෂ්පාදන කටයුතු සිදු නොකරන්නේ නම් විශාල තීරු බද්දක් අය කිරීමට සිදු වන බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසනවා.

ස්විට්සර්ලන්තයේ Davos හි පැවති ලෝක ආර්ථික සංසදයේ 2025 වාර්ෂික සමුළුව වීඩියෝ ආකාරයෙන් අමතමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, ඇමෙරිකාව තුළ නිෂ්පාදන සිදු නොකරන සමාගම් සඳහා ඩොලර් බිලියන සිය ගණනක හෝ ට්‍රිලියන ගණනක පවා තීරු බදුවලට මුහුණ දීමට සිදු වනු ඇති බවයි.

එබැවින් ඇමරිකාව තුළ නිෂ්පාදන කටයුතුවල නිරත වන්නැයි තමා ගෝලීය සමාගම් වෙත දැනුම් දෙන බව ඔහු පවසා තිබෙනවා.

එසේ නොවුවහොත් ඔවුන්ට විශාල තීරු බදු ගෙවීමට සිදුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබේ.

කෙසේවෙතත් ඇමරිකාවේ දී නිෂ්පාදන කටයුතුවල යෙදෙන විදේශ ව්‍යවසායකයන් වෙතින් අය කෙරෙන ආයතනික බදු 15%ක් දක්වා අවම කිරීමට ද ඔහු ප්‍රතිඥා දී තිබෙන බව සඳහන්.

එසේ ම, යුරෝපා සංගමය අය කරන තීරු බදු කැපී පෙනෙන ඉහළ මට්ටමක පැවතීම, අධික සීමාකාරී රෙගුලාසි සහ යුරෝපා සංගමය හා ඇමරිකාව අතර විශාල වෙළඳ හිඟයක් දක්නට ලැබීම යන කරුණු මෙහිදී ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ විවේචනයට ද ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි තත්ත්වයන් ඇමරිකාවට ඉතා අසාධාරණ බැවින් ඊට නිසි පියවර ගන්නා බව ද ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා.

Latest articles

සුඩානයේ රෝහලකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 70 ක් දක්වා ඉහළට

සුඩානයේ එල් ෆෂර් නගරයේ රෝහලකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 70 ක්...

ඊගල්ස් නැරඹුම් ස්ථානය අද දින සිට විවෘතයි – හග්ගල මල් වත්තත් බලන්න පුළුවන්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදි කරන ලද ඊගල්ස් නැරඹුම් ස්ථානය (Eagle’s View Point)...

ට්‍රම්ප් ලැව්ගිනිවලින් විනාශයට පත් ප්‍රදේශවල සංචාරයක

ලැව්ගිනිවලින් විනාශයට පත් ප්‍රදේශවල සංචාරය කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙන බව...

ඕස්ට්‍රේලියාව හරිත ඇලුමිනියම්වලට ඩොලර් බිලියන 2.2ක් වෙන් කරයි

ඕස්ට්‍රේලියාව හරිත (Green) ඇලුමිනියම් ව්‍යාපෘතියක් සඳහා ඩොලර් බිලියන 2.2ක ලෝහ සැලැස්මක් එළි දක්වා තිබෙනවා. එරට...

More like this