ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් විය හැකියි

Published on

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 03 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් තමිල්නාඩු වෙරළ දක්වා ගමන් කිරීමට වැඩි හැකියාවක් පවතින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.

මේ හේතුවෙන් උතුර පළාතේ දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකියි.

දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

අද (29) පස්වරු 6 එම නිවේදනය නිකුත් කර ඇති අතර, ජනතාවට අවධානයෙන් පසුවෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මෙම තත්ත්වය හමුවේ උතුර පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි යි.

එමෙන්ම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගුගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this