සිංහ පැටවුන්ට හිතාගන්න බැරි ඉලක්කයක්

Published on

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට ලකුණු 516 ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ, තරගයේ තෙවැනි දිනය වන අද(29) දකුණු අප්‍රිකාව කඩුලු 5 ක් දැවී ලකුණු 366 ක් ලබා සිටිය දී සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට පියවර ගැනීමත් සමගයි.

දිනය ආරම්භ කරන විට ඔවුන් කඩුලු 3 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටි අතර, අද දිනයේ දී ශතක වාර්තා කරමින් දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම ශක්තිමත් කිරීමට නායක ටෙම්බා බවුමා හා ට්‍රිස්ටන් ස්ටබ්ස් සමත් වුණා.

බවුමා ලකුණු 113 ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් සමගින්.

ස්ටබ්ස් හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් සමගින් ලකුණු 122 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඩර්බන්හි පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 191 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව රැස් කළේ ලකුණු 42 ක් පමණයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this