කැන්ගරුවන් සමග සටනට කමිඳු සුදානම්

Published on

කමිඳු මෙන්ඩිස්ට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා කිරීමට හැකි බව තහවුරු වී තිබෙනවා.

ආබාධයන්ට ලක් වූ ශ්‍රී ලංකා පිතිකරුවන් වන පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස්ගේ ටෙස්ට් තරඟාවලියට පෙර පැවැත්වෙන අවසන් වෛද්‍ය පරීක්ෂාවන් ඊයේ සිදු කර තිබුණා.

ඒ අනුව කමිඳු මෙන්ඩිස් එම පරීක්ෂණයෙන් සමත් වූ බව සඳහන්.

කෙසේ වෙතත් තවමත් පූර්ණ සුවය ලබා නොමැති පැතුම් නිස්සංකහට පළමු ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවන බවයි පැවසෙන්නේ.

සී.සී.සී. සහ එස්.එස්.සී. කණ්ඩායම අතර පසුගිය සිකුරාදා පැවැති මේජර් ක්ලබ් තුන්දින තරඟාවලියේ තරඟය අතරතුර උඩ පන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේදී කමිඳු දකුණ අතෙහි ආබාධයකට ලක් වුණා.

එහිදී ඔහුගේ ඇඟිලි අතර පටලය හානි වූ අතර එම ආබාධයේ තත්ත්වය බරපතළ නොවන බැවින් කමිඳුට පළමු ටෙස්ට් තරඟයේ සිට තරඟාවලියට සහභාගීවීමට අවස්ථාව හිමි වන බවයි වාර්තා වන්නේ.

මේ අතර නවසීලන්තයේ පැවැති අවසන් එක්දින තරඟයේදී පාදයේ ආබාධයකට මුහුණ දුන් පැතුම්ගේ, මේ වන විට තත්ත්වය අනුව පළමු ටෙස්ට් තරඟයෙන් විවේක ගැන්වීම වෛද්‍ය නිර්දේශය වී ඇති අතර ඒ අනුව ඔහු දෙවැනි ටෙස්ට් තරඟය සඳහා පමණක් සහභාගී කරවීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා.

මේ අතර බිග් බෑෂ් තරඟාවලියේදී වැලමිටෙහි ආබාධයකට මුහුණදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ තාවකාලික නායක ස්ටීවන් ස්මිත්ට ශ්‍රී ලංකා තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට හැකි බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ තහවුරු කළා.

මීට පෙර ඔහුගේ ශ්‍රී ලංකා තරඟාවලි සහභාගීත්වය අවිනිශ්චිත මට්ටමකයි පැවතුණේ.

ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා පලමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන 29 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...