දිවයිනට(ශ්‍රී ලංකාවට) බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 12ක් වාර්තා වී තිබෙනවා.
ඉන් 08ක් වාර්තා වන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන්.
පුත්තලම, ත්‍රිකුණාමලය, බදුල්ල සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලින් ද එක් මරණය බැගින් වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.
තුවාල ලැබූ සංඛ්‍යාව දැක්වෙන්නේ 18ක් ලෙසටයි. එක් අයෙකු තවමත් අතුරුදහන්.
එසේම පවුල් 120,534කට අයත් පුද්ගලයන් 401,707ක් මේ වනවිට බලපෑමට ලක්ව තිබෙනවා.
පූර්ණ නිවාස හානි 102ක් වාර්තා වී ඇති අතර අර්ධ හානියට ලක්වූ නිවාස ගණන 1,952ක්.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ සවිස්තරාත්මක වාර්තාව පහතින්.