විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ආයෝජනය වෙනුවෙන් දිවයිනට

Published on

නව රජය පත්වීමත් සමග විදෙස් ආයෝජන මෙරටට ලැබීමේ තවත් එක් අධියරක් ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ද මෙරට ආයෝජන අවස්ථා සඳහා පැමිණෙන ආකාරයක් මේ වනවිට පවතිනවා.

ජනාධිපතිවරයාගේ චීන සංචාරය හරහා ද මෙරටට සෘජු විදේශ ආයෝජනයක් ලැබුණු අතර එමගින් හම්බන්තොට ආසන්නයේ තෙල් පිරිපහදුවක් ඉදිකෙරෙනු ඇති.

එසේම විදෙස් රටවල පුරවැසිභාවය හිමි ලාංකික ප්‍රජාව ද මේ වනවිට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට පැමිණීමක් දක්නට ඇත්තේ වත්මන් රජය පිලිබඳ වූ විශ්වාසය මතයි.

එක්සත් රාජධානියේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද මෙරට නව ආයෝජනයක් සිදු කිරීමට පැමිණ ඇති අතර එය විශේෂයෙන් කතා බහට ලක් වූ කරුණක් වුණා.

ඊට විශේෂතම හේතුව වී ඇත්තේ ඔවුන්ගේ ආයෝජන සංකල්පයයි.

ශ්‍රී ලංකාවේ වාසය කරන ජනතාවට අවම මුදලකට තරු පහක අවන්හල් අත්දැකීමක් ලබා දීම ඔවුන්ගේ මූලික අරමුණ වී ඇති අතර විදේශගතව සිට නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණෙන ලාංකික ප්‍රජාව මෙන්ම විදේශිකයන් ද ඉලක්ක කරගනිමිනුයි මෙම අවන්හල් ජාලය නිර්මාණය කර ඇත්තේ.

නිශාන්ත රණසිංහ සහ මතන් රාජ් මහාලිංගම් එහි නව හිමිකරුවන් වනවා.

BBQ Station නම් මෙම අවන්හල් ජාලය මීට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ අතර එය නව ආකාරයකින් අලුත් අත්දැකීමක් ගෙන දෙන ලෙස නවීකරණය කර තිබීම විශේෂත්වයක්.

ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ කොළඹ නගරයෙන් ඔබ්බට ගොස් සංචාරක කර්මාන්තය බහුලව පවතින ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මෙම අවන්හල් ජාලය ව්‍යාප්ත කිරීමයි.

ඊටත් අමතරව ජාත්‍යන්තර මට්ටමට මෙය රැගෙන යාමේ අරමුණින් මේ වනවිටත් විදේශීය ශාඛා කිහිපයක් ආරම්භ කිරීමට ද ඔවුන් සැලසුම් සකස්කොට අවසන්.

කොළඹ 5, කිරුළ පාරේ දී විවෘත වූ මෙම අවන්හල සංචාරක මණ්ඩලයේ F11 අනුමත අවන්හලක් වීම විශේෂත්වයක්.

දහවල් කාලයේ දී මෙන්ම රාත්‍රීයේ දී පවා විවෘත BBQ Station ජනප්‍රිය යෙදුම්(app) හරහා ඇනවුම් සේවා සපයන අතර සෑම සති අන්තයක දීම අමුත්තන්ට විනෝදාස්වාදය ලබා දීම සඳහා විශේෂ DJ සහ සජීවී සංගීතය සැපයීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා.

දේශපාලනික මැදිහත්වීම්වලින් තොරව මෙන්ම කිසිදු ආකාරයක අවදානමකින් තොරව ආයෝජනය කිරීමට හැකි අයුරින් මෙරට දේශපාලන වටපිටාව සැකසී ඇති බැවින් විදෙස්ගත ලාංකික ප්‍රජාවට ශ්‍රී ලංකාවේ දියුණුව උදෙසා නව ආයෝජන අවස්ථා වැඩි කරන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...