ඉතිහාසයේ පළමුවරට අඩුම ලකුණු ගණනකින් ශ්‍රී ලංකාව පරාජය වෙයි

Published on

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර ඩර්බන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම අවමන් සහගත වාර්තාවක් තැබීමට සමත් වුණා.

ඒ ඉතිහාසයේ පළමු වරට ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත අඩුම ලකුණු සංඛ්‍යාව ලබා ගනිමින්.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා දැවී ගියේ ලකුණු 42කටයි.

අද(28) දිනය ආරම්භ වන විට තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 4 ක් දැවී ලකුණු 80 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 191 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 42ක් පමණයි.

ඒ අනුව අද තරගය වාර්තා පොත් අතරට යමින් ඉතිහාස ගත වන්නේ ඉතිහාසයේ පළමු වරට ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත අඩුම ලකුණු සංඛ්‍යාව ලබා ගනිමින්.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this