පළමු ඉනිමේ දකුණු අප්‍රිකාව 191කට සිමා වෙයි

Published on

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර ඩර්බන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(28).

අද දිනය ආරම්භ වන විට තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 4 ක් දැවී ලකුණු 80 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 191 ක්.

නායක ටෙම්බා බවුමා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 70 ක් ලබා ගත්තා.

ඒ හතරේ පහර 9 ක් හා එක් හයේ පහරක් සමගින්.

දිනයේ පළමු කඩුල්ල හෙවත් ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස ක්යල් වෙරේන් ලකුණු 9කට දවා ගැනීමට ලහිරු කුමාර සමත් වුණා.

ඔහු දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනුයි.

වියාන් මෝල්ඩර් එක් ලකුණක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වුණේ ලහිරු කුමාරගේ පන්දුවක් දකුණු අතේ ඇගිල්ලක වැදීමෙන් සිදු වූ ආබාධයක් හේතුවෙන්.

අනතුරුව ඔහු යළි පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස බවුමා දැවී යාමෙන් පසුවයි. ඔහු නොදැවී ලකුණු 9 ක් රැස් කළා.

මාර්කෝ ජන්සෙන් ලකුණු 13 කටත්, ජෙරාල්ඩ් කොට්සියා එක් ලකුණකටත් දවා ගත්තේ ප්‍රභාත් ජයසුරිය විසිනුයි.

කේෂාව් මහරාජ් ලකුණු 24 ක් ලබා ගත්තා. කාගිසෝ රබාඩා ලකුණු 15 ක් ලබා සිටියදී ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේයි.

ඉනිමේ පළමු කඩුලු 4 ලෙස ඊයේ දිනයේ දී ඒඩ්න් මාක්‍රම් ලකුණු 9කටත්, ටෝනි ද සෝර්සි ලකුණු 4කටත්, ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 16 කටත්, ඩේවිඩ් බෙඩින්හැම් ලකුණු 4කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර හා අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගත් අතර, විශ්ව ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...