විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතීන් ජනගත කිරීම අද (17) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදීයි.
ඒ අනුව රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතන කිහිපයක් සමඟ එක්ව, අංශ පහක් යටතේ මෙම ඒකාබද්ධිත පද්ධතීන් දියත් කරනු ලැබුවා.
වැඩිදියුණු කරන ලද සේවා සහිත දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය විශ්‍රාමිකයන්ට සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතයෙන් තමා අපේක්ෂා කරන විශ්‍රාම වැටුප් සේවාවේ වර්තමාන තත්වය ත්‍රෛභාෂාවෙන්ම පරික්ෂා කළහැකි බවයි පැවසෙන්නේ.
මේ හරහා අදාළ රාජ්‍ය ආයතනවලට ගොස් සේවාවේ වර්තමාන තත්වය පිරික්සීමට අවශ්‍ය නොවන බව සඳහන්.
විශ්‍රාමිකයන් සඳහා දුම්රිය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය දැනට පවතින සේවා පද්ධතියේ ගැටළු හඳුනාගෙන නව්‍යකරණ සිදුකර තිබෙනවා.
විශ්‍රාමික වොරන්ට් බලපත්‍ර භාවිතයෙන් දුම්රිය ආසන මාර්ගගතව වෙන්කරවා ගැනීමේ පහසුකම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මොබිටෙල් ආයතනය සමඟ ඒකාබද්ධව සපයා ඇති බව සඳහන්.
වැන්දඹු සහ අනත්දරු ක්‍රමයෙහි ලියාපදිංචි කිරීමේ තොරතුරු පද්ධතිය සියළුම රාජ්‍ය නිලධාරින්ගේ සහ ඔවුන්ගේ ද්විතීයක ප්‍රතිලාභීන්ගේ තොරතුරු ඇතුළත් වන පරිදි සකස් කළ නව පද්ධතියක්.
ඉදිරියේදී අමතර දත්තද ඇතුළත් කර විශ්‍රාමික ප්‍රතිලාභ පැතිකඩක් ( pension beneficiary profile) ලෙස අතථ්‍ය ගොනුවක් (virtual file) නිර්මාණය කළ හැකි පරිදි තොරතුරු රැස්කිරීමට පද්ධතිය සකසා තිබෙනවා.
ප්‍රතිනිර්මාණය කරන ලද රාජ්‍ය සේවක අර්ථ සාධක අරමුදල් ක්‍රියාවලිය දායක මුදල් ලැබීම සහ ප්‍රතිලාභ හිමිගැන්වීමට දැනට සිදුවන්නේ චෙක්පත් හරහායි.
එය ලංකා බැංකුවේ තොරතුරු තාක්ෂණය සමඟ ඒකාබද්ධ කරමින් Online reconciliation හරහා මාර්ගගතව ප්‍රේෂණ ලබාගැනීමටත් එහි වාර්තා තබාගැනීමටත් හැකිවන පරිදි ප්‍රතිනිර්මාණය කර තිබෙනවා.
විශ්‍රාමික මරණ වාර්තා කිරීමේ තොරතුරු පද්ධතිය (රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධිතය) යන අංශ පහ එයට ඇතුළත්.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යයන් හා සේවාවන් වඩාත් කාර්යක්ෂම හා සුහදශීලිව විශ්‍රාමික පිරිස් වෙත ලබාදීම මෙම ඩිජිටල් පද්ධතින් නිර්මාණය කිරිමේ අරමුණ වන බවයි අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතා මෙහිදි ප්‍රකාශ කළේ.
රජයේ ප්‍රධාන කාර්යය සහ අරමුණු ත්‍රිත්වයෙන් එකක් වන රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමට මෙවැනිම පියවර කඩිනමින් දියත් කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.
එමෙන්ම අඩු කාලයකින් ඵලදායි සේවා සැපයීම තුළින් රාජ්‍ය සේවකයන්ගේ කාර්යයද පහසුවන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
මේවන විට විශ්‍රාම වැටුප් ලාභීන් ලක්ෂ අටක පමණ පිරිසක් වනබවත් ඔවුන් වෙනුවෙන් සිය උපරිම ශක්‍යතාවයෙන් සේවා සැපයීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.