විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා එළැඹෙන සතිය තුළ?

Published on

මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළැඹෙන සතිය තුළ ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ජුනි, ජුලි මාසය තුළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නම් අදාළ යෝජනා මැයි මාසය තුළ සිය කොමිසම වෙත ලැබිය යුතු බවයි එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා කොමිසම වෙත ලැබීමෙන් අනතුරුව එකී යෝජනා අධ්‍යයනය කර සති 03ත් 6ත් අතර කාලය තුළ කොමිසමේ තීරණය ප්‍රකාශයට පත් කරනු ඇති.

එම කාලය තුළ අදාළ යෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම ද සිදුවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන ලෙස ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව ඉදිරියේදී විදුලි ගාස්තුව සංශෝධනය කරන බවට රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

කෙසේවෙතත් ඊට අදාළ යෝජනා මෙතෙක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දී නොමැති බව සඳහන්.

මේ වසරේ පළමු විදුලි ගාස්තු සංශෝධනය පසුගිය ජනවාරි මස 17 වැනිදා සිදු වූ අතර එහිදී විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමටයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කළේ.

Latest articles

ලංවිම සභාපති ඉවත්වීම ගැන යන කතා බොරු – බලශක්ති අමාත්‍යාංශය

විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය තුළ සංසරණය වන...

බස් අනතුරින් සුන්බුන් අතර සිර වී සිටිය දී තම බිළිදා රැකගත් මවගේත් දිවි අහිමි වෙයි

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් අනතුර සිදු වූ අවස්ථාවේ මව් සෙනෙහසේ ප්‍රබලත්වය ලොවට කියාපාමින් සුන්බුන්...

වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

2025 වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ ක්‍රියාත්මකවන රථවාහන සැලැස්ම නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා...

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ” Clean Sri Lanka ” යටතේ කසළ කළමනාකරණ වැඩසටහනක්

නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (10) දින ආරම්භ වූ රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව...

More like this