ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර ගිවිසුම් 15කට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
මෙරටේ ආර්ථිකය,අධ්‍යාපනය,ජනමාධ්‍ය සහ සංස්කෘතියට ඉතා වැදගත් වන අවබෝධතා ගිවිසුම් 15ක් මෙලෙස අත්සන් කර ඇති බව සඳහන්.
ඒ අනුව ශ්‍රි ලංකාවට විශාල වාසි රැසක් ඉදිරියේ දි හිමිවන බවයි අමාත්‍යාවරයා පවසන්නේ.
චීන රජයේ සහයෝගය ඉදිරියටත් මෙරටට ලබාදෙන බවට චීන ජනාධිපතිවරයා මෙහිදි සහතික වූ බව ද විදේශ කටයුතු අමාත්‍යා විජිත හේරත් මහතා වැඩිදුරටත් සදහන් කළා.