විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඇතුළු විදුලිබල ක්ෂේත්‍රයේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව ජාත්‍යන්තර සහයෝගිතා ආයතන සමඟ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මෙම සාකච්ඡාව සඳහා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල, විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු පුබුදු නිරෝෂන්, එහි අනිකුත් සාමාජිකයින් වන ඉංජිනේරු කෝසල කඹුරාදෙණිය සහ ආචාර්ය ඉන්ද්‍ර මහකලන්ද යන මහත්වරුන් සහභාගිවූ බව සදහන්.
මීට අමතරව ADB, World Bank, JICA, USAID ආයතන නියෝජනය කරමින්, එහි ඉහළ නිලධාරීන් ද එක්වුණ බවයි පැවසෙන්නේ.