වව්නියාව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් කිසියම් පුද්ගලයෙක් විසින් විසිකර තිබෙනවා.
ඊයේ (13 ) පෙ.ව.07.00ට පමණ එදින රාජකාරියේ නියුතු නිළධාරීන් විසින් මෙම පාර්සලය සිය භාරයට ගැනීමට කටයුතු කර ඇති බව සදහන්.
එම පාර්සලය තුළ තිබී දුරකථන 03ක් , දුම්කොළ 17 ක් සහ දුරකථන බැටරි 01 ක් සොයාගෙන ඇති බවයි පැවසෙන්නේ.
මෙම තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලය බන්ධනාගාර අධිකාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්‍රමික බලකාය වෙත භාර දීමට කටයුතු කර තිබෙන බව සදහන්.