කෝටි ගණනක මැණික් තොගයක් රටින් පන්නන්න හදපු චීන ජාතිකයින් දෙදෙනෙකුට වැඩ වරදී

Published on

රුපියල් එක් කෝටි හැත්තෑ හතර ලක්ෂ, පනස් දහස් අට සිය හැත්තෑ පහක් වටිනා මැණික් තොගයක් ඇඳ සිටි යට ඇදුම් අතර සඟවා ගෙන චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතික  පියෙකු සහ දියණියක ඊයේ ( 13) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් සහ ඔහුගේ දියණිය වන 21 හැවිරිදි තරුණියක්.

මෙරට නේවාසික වීසා හිමි ඔවුන් ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වල සැරිසරමින් ව්‍යාපාරික කටයුතු වල නිරත වී තිබෙන බවයි පැවසෙන්නේ.

මොවුන් සතුව තිබී චන්ද්‍රකාන්ති , ගෝමේද , ආරනූල් , වෛරෝඩි සහ පච්ච යන වර්ග වලට අයත් ග්‍රෑම් 689.5 ක් බර මැණික් තොගයක් සොයාගෙන තිබෙනවා.

මේ පිළිබඳ රේගු පරීක්ෂණය අද (14 ) පස්වරුව වන තෙක් පැවැත් වූ අතර , එහිදී මෙම මැණික් තොගය රාජසන්තක කිරීමට රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තීරණය කළ බව සඳහන්.

චීන ජාතිකයින් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා

Latest articles

දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් එරට දූෂණ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය...

ජනපති අනුර අද චීන ජනපති ⁣හමුවෙයි

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ...

දවුලගල සිසුවියක් පැහැර ගත් සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

දවුලගල දී පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට එක සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාර ගත...

දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දැඩි නීති කිහිපයක්

නිමාව දුටු ටෙස්ට් තරගාවලි කිහිපයකදීම ඉන්දීය කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් කණ්ඩායමට දැඩි...

More like this