“Clean Sri Lanka” මෙහෙයුමට බස්නාහිර ආණ්ඩුකාරවරයා පෙරමුණ ගනී

Published on

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන සුපිරි වෙළඳ සල්වල නියෝජිතයින් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ “Clean Sri Lanka” මෙහෙයුමට සමගාමීවයි.

බස්නාහිර පළාත තුළ සුපිරි වෙළඳ සැල්වල වැසිකිලි පද්ධති මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා ද විවෘත කරන ලෙස මෙහිදී ආණ්ඩුකාරවරයා විසින් ඒවායේ නියෝජිතයන්ගෙන් කරන ලද ඉල්ලීමට ඔවුන්ගේ එකඟතාවය ලැබී ඇති බවයි ආණ්ඩුකාරවරයාගේ මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එසේම වෙළඳ සැල් ආශ්‍රිතව කුණු කසල බැහැර කිරීම නිසි ආකාරයෙන් සිදුකරන ලෙසත් වෙළඳසැල් තුළට විවිධ පාරිභෝගික හිතසුව පිණිස අවශ්‍ය වටපිටාව සකසන ආකාරය ගැනත් මෙහිදී අවධානයට යොමු වී තිබෙනවා.

ඊට අමතරව, සුපිරි වෙළඳසැල් කිහිපයක් හෝ තෝරගත් ප්‍රදේශ ආශ්‍රිත ඒවා පැය 24ම විවෘත කර තැබීමේ වැදගත්කම මෙහිදී ආණ්ඩුකාරවරයා අදාළ නියෝජිතයින්ගේ අවධානයට යොමු කළ අතර, ඒ පිළිබඳව ද ඔවුන් සාකච්ඡා කොට තීන්දුවක් ලබා දෙන බවටයි සහතික වී ඇත්තේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this