චීන Port City යේ නිකේතන වරායට මුල්ගල තියයි

Published on

ඩොලර් මිලියන 120ක ආයෝජනයකින් කොළඹ වරාය නගරයේ ඉදිවන නිකේතන වරාය (Marina) ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීමේ උත්සවය ඊයේ (12) පැවැත්වුණා.

හෙක්ටයාර 3.1ක් පුරා විහිදෙන අති නවීන සුඛෝපභෝගී නිකේතන වරාය ව්‍යාපෘතිය LOLC හෝල්ඩින්ග්ස් සමූහයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම විසින් CHEC පෝර්ට් සිටි සමාගම සමඟ හවුල්කාරිත්වයෙන් සිදු කරනු ලබනවා.

CHEC පෝර්ට් සිටි සමාගමේ ඩොලර් බිලියන 1.4ක ඍජු විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගරයේ ප්‍රධාන ආකර්ෂණයක් බවට මෙම ව්‍යාපෘතිය පත්වනු ඇති බව සඳහන්.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ සංචාරක හා විදේශ කටයුතු ඇමැති විජිත හේරත් පැවසුවේ මෙම නිකේතන වරාය ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සඳහා පරිවර්තනීය පිම්මක් නියෝජනය කරනු ඇති බවයි.

යාත්‍රා 250ක ධාරිතාවයකින් යුත් මෙම නිකේතන වරාය ඩුබායි සහ ෆුකෙට් අතර ඇති එකම පූර්ණ සේවා නිකේතන වරාය ලෙස ස්ථානගත කර ඇති බවත්, රතු මුහුද, මාලදිවයින සහ ඈත පෙරදිග අතර ගමන් කරන සුඛෝපභෝගී යාත්‍රා සඳහා කොළඹ නිකේතන වරාය පැහැදිලිවම අතරමැදි සේවා සපයන ස්ථානයක් වනු ඇති බවයි ඇමැති හේරත් තවදුරටත් පැවසුවේ.

“මෙම ව්‍යාපෘතිය අපගේ සංචාරක ඉලක්ක සමඟ ගැළපෙනවා. එසේම රැකියා අවස්ථා, කුසලතා සංවර්ධනය, ආගන්තුක සත්කාර, සංචාරක සහ ඒ ආශ්‍රිත අංශවල දේශීය කුසලතා සඳහා අවස්ථා ලබා දෙනවා. 2025 සඳහා, අපි මිලියන 3ක සංචාරකයන් අපේක්ෂා කරනවා, එමඟින් ඩොලර් බිලියන 5ක ආදායමක් උපයා ගන්නයි බලාපොරොත්තුව. එය අපගේ ආර්ථික ප්‍රකෘතියට ඉතා වැදගත් ඉලක්කයක්,” යනුවෙන් ද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් පරිදි, පුළුල් සමාජ ආර්ථික පරිවර්තනයක් සඳහා, ශ්‍රී ලංකාව ‘පොහොසත් රටක්’ ලෙස ගොඩනැංවීම සහ ජනතාවට ‘ලස්සන ජීවිතයක්’ සුරක්ෂිත කිරීම සහතික කිරීමට රජය කටයුතු කරන බව ද ඔහු මෙහිදී කියා සිටියා.

Latest articles

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට හජ් වන්දනාව සදහා සත්කාරකත්වය

මේ වසරේ හජ් වන්දනාව සදහා ශ්‍රි ලංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුම...

HMPV වෛරසය සාමාන්‍ය වෛරසයක් – චීන විදේශ අමාත්‍යාංශය

සාමාන්‍ය වෛරසයක් “ නාඳුනන වෛරසයක් ” ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බව චීන...

ස්වාධීනව වගකීම් ඉටු කරන රාජ්‍ය සේවකයින් ආරක්ෂා කරනවා –  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

රජයේ සේවකයන් ලෙස කිසිදු දේශපාලන අතපෙවීමකට යටත් නොවී ස්වාධීනව වගකීම් ඉටු කරන ලෙස විද්‍යා...

More like this