තුන්වන අවසන් එක්දින තරඟයේ ජය ශ්‍රී ලංකාවට

Published on

නවසීලන්තය සමඟ පැවති තුන්වන හා අවසන් එක්දින තරඟයෙන් ලකුණු 140ක සුපිරි ජයක් ලබන්නට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රි ලංකා නවසිලන්ත තුන්වන හා අවසන් එක්දින තරඟය ඕක්ලන්ඩ් හිදි පැවැත් වුණා.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රි ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට තීරණය කළා.

අද තරඟයේදි ශ්‍රි ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු කර තිබුණේ නැහැ.

මේ අනුව මුලින් පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස් කළා.

එහිදී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 66ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 54ක්, ජනිත් ලියනගේ ලකුණු 53ක් සහ කමිදු මෙන්ඩිස් ලකුණු 46ක් රැස් කළා.

පන්දු යැවීමේදි මැට් හෙන්රි කඩුලු 4ක් සහ මිචෙල් සැට්නර් කඩුලු 2ක් බිදහෙලුවා.

ලකුණු 291ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 29යි පන්දු 4ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 150ක් පමණයි.

එහිදි නවසීලන්තය වෙනුවෙන් සාර්ථක වූ එකම ක්‍රීඩකයා වූ මාර්ක් චැප්මන් ලකුණු 81ක් රැස් කළා.

පන්දු යැවීමේදි අසිත ප්‍රනාන්දු ,මහීෂ් තීක්ෂණ සහ ඒෂාන් මාලිංග කඩුලු 3 බැගින් බිද හෙලුවා.

මීට අමතරව ජනිත් ලියනගේ එක් කඩුල්ලක් බිදහෙලුවා.

ඒ අනුව මෙම තරඟය ලකුණු 140කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා.

කෙසේ වෙතත් පළමු තරඟ දෙක ජයගත් නවසීලන්ත කණ්ඩායම තරඟාවලිය තරඟ 2ට 1ක් ලෙස ජය ගත්තා.

Latest articles

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට හජ් වන්දනාව සදහා සත්කාරකත්වය

මේ වසරේ හජ් වන්දනාව සදහා ශ්‍රි ලංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුම...

HMPV වෛරසය සාමාන්‍ය වෛරසයක් – චීන විදේශ අමාත්‍යාංශය

සාමාන්‍ය වෛරසයක් “ නාඳුනන වෛරසයක් ” ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බව චීන...

ස්වාධීනව වගකීම් ඉටු කරන රාජ්‍ය සේවකයින් ආරක්ෂා කරනවා –  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

රජයේ සේවකයන් ලෙස කිසිදු දේශපාලන අතපෙවීමකට යටත් නොවී ස්වාධීනව වගකීම් ඉටු කරන ලෙස විද්‍යා...

More like this