අල්ලස්, දූෂණ නැති රජය, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අගය කරයි

Published on

අල්ලස්, දූෂණවලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව සදහන් කළේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්යාලයේ අද (27) හමු වූ අවස්ථාවේ දීයි.

අල්ලස් හා දූෂණයෙන් තොර යාන්ත්‍රණයක් රට පුරා ස්ථාපිත කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ඕනෑම අවස්ථාවක සහයෝගය දක්වන බවද මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

එසේම, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින වසර 75ක මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර සමීප සබඳතා ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද ඔහු වැඩි දුරටත් එහිදී ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ජාතික ආරක්‍ෂාව, සමුද්‍රීය කටයුතු, ඩිජිටල්කරණය, රාජ්‍ය අංශය නවීකරණය , වෘත්තීය අධ්‍යාපනය සහ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික සහය ලබා දීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ අගය කළ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා ඒ සඳහා ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහය ලබා දීමට ද කටයුතු කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ලලිතා කපූර් ( Lalita Kapur ) ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this