ලංකාවේ හිතකර සුවපහසු, සුරක්ෂිත පොදු ප්‍රවාහන සේවයක් ස්ථාපිත කරන්න ඕස්ට්‍රේලියාවේ සහය

Published on

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනයේ වර්තමාන තත්ත්වයත්, මගී ජනතාවට හිතකර සුවපහසු මෙන්ම සුරක්ෂිත පොදු ප්‍රවාහන සේවයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳවත්, ඒ සම්බන්ධයෙන් තම රජය වෙතින් ලබාදිය හැකි සහාය පිළිබඳවත්, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පාවුල් ස්ටෙපන්ස් මහතා (HE Paul Stephens) විසින් අවධාරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ දී, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සමග පැවති විශේෂ සාකච්ඡාවකදි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා මෙම කරුණු අනාවරණය කර තිබෙන බව සඳහන්.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ප්‍රවාහන ක්ෂේත්‍රය මෙන්ම සමස්ත ජන ජීවිතය සම්බන්ධයෙන් අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ඇතුළු නියෝජිත පිරිසට කරුණු පැහැදිළි කළ අතර අධ්‍යාපනය, සංචාරක සහ සත්කාරක යන අංශ වලින් දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අදහස් දක්වා තිබෙනවා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවති අතර මගී ජනතාවට වඩාත් සුවපහසු, ආරක්ෂාකාරී මෙන්ම සහනදායි ප්‍රවාහන පද්ධතියක් ඇති කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් නව රජය ප්‍රමුඛ ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් තමාත් හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවත් ප්‍රවාහන,මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී අවධාරණය කළා.

මෙහිදී ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස්වරයා විසින් ප්‍රකාශකර සිටියේ, නූතන තාක්ෂණික දියුණුව ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහාද කඩිනමින් යොදා ගතයුතු බවයි.

මගී ජනතාව පිළීබඳව මෙන්ම රියදුරන්ගේ සුරක්ෂිතතාවය පිළිබඳව ද අවධානය යොමුකළ යුතු බවත් ඊට අමතරව මහාමාර්ගයන්හි තත්ත්වය පිළිබඳවත් වි‍ශේෂ අවධානයක් යොමු වියයුතු බවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් වි තිබෙනවා.

මේ වනවිට ප්‍රධාන වශයෙන්ම මගී ප්‍රවාහනය සඳහා අවධානය යොමුවී ඇති නමුත්, රට තුළ ආරක්ෂාකාරී භාණ්ඩ ප්‍රවාහනයක් සඳහාද දුම්රිය සේවාවන්වල දායකත්වය ලබාගත යුතු බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා විසින් ප්‍රවාහන අමාත්‍යවරයා වෙත කරුණු දක්වා ඇති බව සදහන්.

එහිදී කරුණු දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, මේ වනවිටත් ඒ පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සැලසුම් සකස් කරනු ලබන බවයි.

ශ්‍රී ලංකාවේ වරාය සම්බන්ධයෙන් කරුණු විමසූ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා පැවසුවේ, රටේ ආර්ථික තත්ත්වය නගාසිටුවීම වෙනුවෙන් වරාය පහසුකම් වැඩිදියුණූ කළ යුතු අතරම වරායේ ධාරිතාවය පුළුල් කළයුතු බවයි.

ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයේ සහාය ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කළා.

ඉතා දීර්ඝ කලක සිට දෙරට අතර පවතින ද්වීපාර්ශවීය සබඳතා තවත් තහවුරු කරමින්, ඕස්ට්‍රේලියානු රජය සතු කෘෂිකාර්මික සහ පශු සම්පත් පිළිබඳව තාක්ෂණික දැනුම භාවිත කර ලංකාවේ උතුරු පළාත තුළ පශු සම්පත් කර්මාන්ත දියුණූ කිරීමටත්, ඒ ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා ඇතිකිරීමට තමා අදහස් කරන බවත්, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පාවුල් ස්ටෙපන්ස් මහතා විසින් ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාට සහතික වී තිබෙනවා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...