අද හෙටම ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියාවේ අලුත්ම නීතිය

Published on

ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නව නීතියක් ඉක්මනින් සම්මත කර ගැනීමට කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.

එරට පාර්ලිමේන්තු වර්ෂය අවසන් වීමට පෙර මෙම පනත් කෙටුම්පත සම්මමත කර ගැනීමටයි රජය උනන්දු වන්නේ.

මෙම සමාජ මාධ්‍ය තහනම සඳහා පාර්ලිමෙන්තුවේ ද්විපාර්ශ්වික සහයෝගය ලබා ගැනීමට අගමැතිවරයා ප්‍රමුඛ රජය අපේක්ෂා කරන අතර එය සෙනෙට් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවන් පසුබිමක, ගූගල් සහ ෆේස්බුක් සමාගම්, මෙම පනත් කෙටුම්පත තවදුරටත් පමා කරන ලෙස ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටින බව සඳහන්.

සමාජ මාධ්‍ය අධික ලෙස භාවිතා කිරීම දරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට අවදානම් ඇති බව තර්ක කර ඇති ඔස්ට්‍රේලියානු අගමැතිවරයා මේ සඳහා ඕස්ට්‍ර්ලියාවේ දෙමාපියන්ගේ සහය ද අපේක්ෂා කරනවා.

නමුත් එරට මානව හිමිකම් කොමිසම ඇතුළු සමහර තරුණ නීතීඥයින් මෙම නීතිය මගින් දරුවන්ගේ ස්වයං ප්‍රකාශන අයිතියට හානියක් වේ යැයි කනස්සල්ලක් මතු කර ඇතත්, බොහෝ ඔස්ට්‍රේලියානුවන් මෙම තහනමට සහය දක්වන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම නව නීතිය සම්මත වීමෙන් පසුව , එය උල්ලංඝනය කරන සමාගම්වලට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 49.5 (අමෙරිකානු ඩොලර් මිලියන 32) දක්වා දඩ නියම කරන බවද සඳහන්.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this