ශ්‍රී ලංකාව නවසීලන්තය එක්දින තරඟයේ ජය කිවියන්ට

Published on

ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන එක්දින තරඟය ලකුණු 113කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

දිවා රාත්‍රි තරඟයක් ලෙස හැමිල්ටන් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟය තරඟයට පෙර ඇදහැලුන වර්ෂාව හේතුවෙන් ඉණිමක් පන්දුවාර 37කට සීමා කෙරුණා.

ඒ අනුව මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දු රැකීමට තීරණය කළා.

අද තරඟයට වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර වෙනුවට මහීෂ් තීක්ෂණ ශ්‍රි ලංකා කණ්ඩායමට කැඳවා තිබුණා.

මේ අනුව මුලින් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 37 අවසානයේ කඩුලු 9කට ලකුණු 255ක් රැස් කළා.

එහිදී නවසීලන්තය වෙනුවෙන් රචින් රවින්ද්‍ර ලකුණු 79ක් සහ මාර්ක් චැප්මන් ලකුණු 62ක් රැස්කරනු ලැබුවා.

පන්දු යැවීමේදි මහීෂ් තීක්ෂණ කඩුලු 4ක් සහ වනිදු හසරංග කඩුලු දෙකක් බිද හෙලුවා.

ලකුණු 256ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 30යි පන්දු 2ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 142ක් පමණයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහි මාවතකට රැගෙන යාමට උත්සාහයක නිරත වූ කමිදු මෙන්ඩිස් ලකුණු 64ක් සහ ජනිත් ලියනගේ ලකුණු 22ක් රැස් කළා.

පන්දු යැවීමේදි විලියම් ඕ රවූක් කඩුලු 3ක් සහ ජෙකබ් ඩූෆි කඩුලු දෙකක් බිද හෙලුවා.

තරඟයේ වීරයා සම්මානය රචින් රවින්ද්‍ර විසින් දිනා ගනු ලැබුවා.

මේ අනුව මෙම තරඟය ලකුණු 113කින් ජයගත් නවසීලන්ත කණඩායම තවත් තරඟයක් ඉතිරිව තිබියදි තරඟ දෙකට බින්දුවක් ලෙස තරඟාවලිය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...