සිඩ්නි නිවාස මිල පහත වැටිය හැකි බව පුරෝකථනයක්

Published on

පොලී අනුපාත ඉහළ මට්ටමක පැවතීම සහ වත්මන් තත්ත්වයන් හමුවේ මේ වසරේ සිඩ්නි නගරයේ බොහෝ ප්‍රදේශවල නිවාස මිල ඩොලර් 100,000 ට වඩා පහත වැටිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

2024 තුළ එරට වෙළඳ පොළේ නිවාස වැඩි ප්‍රමාණයක් අධි තක්සේරුවට ලක් වූ අතර මිල ගණන්, බොහෝ මිනිසුන්ගේ ආදායමට ළඟා විය නොහැකි ලෙස වර්ධනය වූ බවයි පැවසෙන්නේ.

නිවාස ගැණුම්කරුවන්ට ඩොලර් මිලියන 1.44 ක අගයක් ගන්න නිවසක් මිලට ගැනීම සඳහා වසරකට ඩොලර් 280,000 කට ආසන්න ගෘහ ආදායමක් අවශ්‍ය වන අතර සාමාන්‍ය මිලට පවතින නිවසක් ($ 850,000) මිලදී ගැනීමට වසරකට ඩොලර් 160,000 ක් පමණ අවශ්‍ය වනවා.

සිඩ්නි වැනි තදාසන්න ප්‍රදේශයකින් සාමාන්‍ය නිවසක් ලබා ගැනීම සඳහා වාර්ෂිකව ඩොලර් 400,000ක් පමණ ඉපයීමට නිවාස ගැනුම්කරුවන්ට සිදුවන බවයි ඇස්තමේන්තු කර ඇත්තේ.

ඩොලර් 100,000 ට අඩු වාර්ෂික ආදායමක් ඇති නිවාස ගැනුම්කරුවෙකුට මධ්‍ය ඒකක මිලට නිවාසයක් මිලදී ගත හැකි තදාසන්න ප්‍රදේශ 14 ක් පමණ ඇති අතර ඒවායින් බොහොමයක් Sydney CBD සිට 30km වඩා වැඩි දුරකින් පිහිටා තිබෙන බව ද සඳහන්.

එරට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ නිවාස මිල බොහෝ දෙනෙකුට ගෙවිය හැකි මට්ටම ඉක්මවා යාමට පටන් ගෙන ඇති බවයි

සෑම අගනුවරකම නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සාමාන්‍ය වැටුපට වඩා බෙහෙවින් වැඩි වන අතර එය සාමාන්‍ය වාර්ෂික වැටුප මෙන් තුන් ගුණයකට ආසන්න බව ද වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම වසරේ එම තත්ත්වය මදක් වෙනස් වී නිවාස මිල පහළ බසිනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this