පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් අඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥපනත යටතේ නිකුත් කරන ලද නියෝගයකට අනුව මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින් මෙම පියවර ගත් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.
ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය අද (05) දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස 6කින් දීර්ඝ වනු ඇති.