විදෙස් රටවල තානාපතිවරු පත් කිරීම ගැන අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

Published on

විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධව මාධ්‍ය වාර්තා කිහිපයක් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය පවසන්නේ තානාපති කාර්යාල කිහිපයක සිදු කර තිබූ දේශපාලන පත්වීම් නව රජය පත්වීමෙන් අනතුරුව අවසන් කිරීම නිසා කාර්යාල කිහිපයක ම පුරප්පාඩු ඇති වී තිබෙන බවයි.

එම පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලිය අවසන් වීමට සාධාරණ කාල අවකාශයක් ගතවන බවයි පැවසෙන්නේ.

තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් පත්කරන ක්‍රියාවලිය විදේශ කටයුතු අමාත්‍යාංශය මෙලෙස පැහැදිලි කළා.

• ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර විදෙස් රටවල සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

• ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරයකු හෝ මහකොමසාරිස්වරයකු කිසියම් විදේශ රටකට පත් කළ විට, එම පත්වීම සඳහා එකී විදේශ රාජ්‍යයෙන් එකඟතාව ලබා ගත යුතුයි.

රාජ්‍ය තාන්ත්‍රික පරිචයේදී එම එකඟතාව අග්‍රෙමොං යන ප්‍රංශ වදනෙන් හඳුන්වනු ලබනවා.

• එම එකඟතාව ලබා ගැනීම සඳහා වන ඉල්ලීම, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එකී විදේශ රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා මෙන්ම එම විදේශ රාජ්‍යය සතුව ශ්‍රී ලංකාවේ දූත මණ්ඩලයක් වෙතොත් එය හරහා ද එම රාජ්‍යයේ රජයට ඉදිරිපත් කරනු ලබනවා.

• එම එකඟතාව ලබාදීම සඳහා විවිධ රටවල් ලබා ගන්නා කාලය එකිනෙකට වෙනස්.

  • සමහර රටවල් ඔවුන්ගේ අභ්‍යන්තර ක්‍රියා පරිපාටි ප්‍රකාර එම එකඟතාව ලබා දීමට මාස තුන හතරක් වැනි දීර්ඝ කාලයක් ගන්නා අතර තවත් රටවල් එතරම් දීර්ඝ කාලයක් නොගෙන එම එකඟතාව ලබා දෙනවා.

•කෙසේවුවද, සාමාන්‍යයෙන් එම කාලය මසක් හෝ දෙකක් විය හැකි යි.

• එකී එකඟතාව ලැබීමෙන් අනතුරුව පත්වීම ලද තානාපතිවරයා හෝ මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ඉදිරියේ පෙනී සිටිය යුතුයි.

• එසේ ඔහු හෝ ඇය එම කාරක සභාව ඉදිරියේ පෙනී සිටීමට පෙර, එම පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කරන අතර, එම පත්වීමට විරෝධතා ඇතොත් ඒවා ගොනු කිරීමට සති දෙකක කාලයක් මහජනතාවට ලබා දෙනවා.

• තානාපතිවරයා හෝ මහකොමසාරිස්වරයා උසස් නිලතල පිළිබඳ කාරක සභාව ඉදිරියේ පෙනී සිටිනුයේ එම සති දෙකක කාලය ඉක්ම යෑමෙන් අනතුරුව යි.

• උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලැබුණු පසු එම තානාපතිවරයාට හෝ මහකොමසාරිස්වරයාට සිය ධුරයෙහි වැඩ භාරගැනීමේ මූලික නෛතික පසුබිම සකස් වනවා.

• ඉන් අනතුරුව අලුතින් පත් කරන ලද තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සති දෙකක පමණ නම්නීකරණ වැඩසටහනක් සංවිධානය කරනවා.

• එම නම්නීකරණ වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව, පත් කරන ලද තානාපතිවරයාට හෝ මහකොමසාරිස්වරයාට සිය ධුරයෙහි වැඩ භාරගැනීම පිණිස අදාළ විදේශ රාජ්‍යය වෙත පිටත්ව යෑමට හැකි යි.

Latest articles

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක් සදහා අදියර 1 යටතේ නායයෑමේ පූර්ව...

ගම්පොළ පැහැරගත් සිසුවිය අම්පාරෙන් හමුවෙයි

ගම්පොළ ගෙළිඔය ප්‍රදේශයේදී පෙරේදා උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි...

2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කරන්න චීනය සූදානම්

2025 වසර තුළ, පරිභෝජනය උත්තේජනය කිරීම, ආනයන සක්‍රීයව පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය...

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

More like this

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක් සදහා අදියර 1 යටතේ නායයෑමේ පූර්ව...

ගම්පොළ පැහැරගත් සිසුවිය අම්පාරෙන් හමුවෙයි

ගම්පොළ ගෙළිඔය ප්‍රදේශයේදී පෙරේදා උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි...

2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කරන්න චීනය සූදානම්

2025 වසර තුළ, පරිභෝජනය උත්තේජනය කිරීම, ආනයන සක්‍රීයව පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය...