සීගිරියේ සංචාරක ගැටලු විසදන්න නි. ඇමති සාකච්ඡාවක

Published on

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා දෙස් විදෙස් සංචාරකයින් සීගිරිය ප්‍රදේශයේ මුහුණපාන ගැටලු විසඳීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ඉහළ පෙළේ නිළධාරීන් සමඟ අද සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ පැවැති මෙම සාකච්ඡාවට සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඇතුළු ආයතන කිහිපයක ඉහළ නිළධාරීන් සහභාගී වුණා .

මෙම සාකච්ඡාවේ දී පහත ගැටලු සහ කරුණු පිළිබඳව අවධානය යොමු වි තිබෙනවා.

  1. ප්‍රවේශ පත්‍ර කවුලු වල දිගු පෝලිම්.
  2. ප්‍රථමාධාර ස්ථාන නොමැතිකම.
  3. වීදි පහන් නොමැති හේතුවෙන් වන සතුන්ගෙන් ඇතිවන ආරක්ෂාව පිළිබඳ ගැටලු
  4. ප්‍රමාණවත් ජල පහසුකම් නොමැතිවීම
  5. අත්උදව්කරුවන් නිසා සංචාරකයින් අපහසුතාවට පත්වීම
  6. ආරක්ෂක නිලධාරීන් සංචාරකයින්ට දක්වන සුහද බවේ අඩුපාඩු
  7. මාර්ගෝපදේශක සේවාව නියාමනය නොකිරීම හා නිසි පරීක්ෂාවක් සිදු නොකිරීම
  8. ලෝකයේ මිල අධිකම පුරාවිද්‍යාත්මක ස්ථානයක් වුවද, එම මුදලට යම් අගයක් එකතු කිරීමට කටයුතු කොට නොතිබීම
  9. නිවාඩු දිනවල දේශීය සංචාරකයින් නිසා ඇතිවන අධික තදබදය හේතුවෙන් සංචාරකයින් අපහසුතාවයට පත්වීම. එබැවින් නියමිත වේලාවට සිය කාලසටහන් ඉටු කර ගැනීමට නොහැකිවීම
  10. කණ්ඩායම් වශයෙන් පැමිණෙන සංචාරකයන්ගෙන් සීගිරිය නැඟීමට අපහසු අයව රදවා තැබීමට විවේක ස්ථානයක් නොමැතිවීම
  11. සිංහ පාදය අසල ඉදිකොට ඇති අක්‍රමවත් වැසිකිළිය ක්‍රමවත් කිරීමේ අවශ්‍යතාව
  12. බඹර ප්‍රහාරයක දී ආරක්ෂාව සදහා නිසි ආරක්ෂක ස්ථානයක් අවශ්‍යව ඇත. දැනට ඇති ස්ථානය ප්‍රමාණවත් නොවේ.
  13. සීගිරිය කෞතුකාගාරය වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව
  14. සීගිරිය නරඹන්නට අවශ්‍ය උපදෙස් හා දැන්වීම් පුවරු තේමානුකූලව දර්ශණීය ලෙස සකස් කිරීමේ අවශ්‍යතාව
  15. අවිධිමත් ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් දැනට අක්‍රීයව ඇති පෞරාණික වතුර මල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතුව නැවත ප්‍රතිසංස්කරණය කිරීම

Latest articles

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක් සදහා අදියර 1 යටතේ නායයෑමේ පූර්ව...

ගම්පොළ පැහැරගත් සිසුවිය අම්පාරෙන් හමුවෙයි

ගම්පොළ ගෙළිඔය ප්‍රදේශයේදී පෙරේදා උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි...

2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කරන්න චීනය සූදානම්

2025 වසර තුළ, පරිභෝජනය උත්තේජනය කිරීම, ආනයන සක්‍රීයව පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය...

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

More like this